EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMythica: The Necromancer (2015)
(Mythica: The Necromancer (2015) Sinhala Sub , Mythica: The Necromancer (2015) Sinhala Subtitle , Mythica: The Necromancer (2015) Sinhala Subtitles)
මෙම චිත්‍රපටය Action, Adventure, Fantasy යන කාණ්ඩ තුනටම අයත් එකක්.මායාකරුවන් පිරිසක් අතර සිද්ධ වෙන බල අරගලයක් පාදක කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.ඇත්තෙන්ම Mythica යනු චිත්‍රපට මාලාවක්…
- Mythica: A Quest for Heroes
- Mythica: The Darkspore
- Mythica: The Necromancer
- Mythica: The Iron Crown
- Mythica: The Godslayer.
මම අද ඔයාලට අරන් ආවේ එහි 3වන කථා මාලාවයි.Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ Melanie Stone කියන නිලිය විසිනි.සෙසු චරිත ලෙස Adam Johnson, Jake Stormoen, Nicola Posener යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.ඉතිං සම්පූර්ණ කථාව තේරුම් ගන්න මෙහි මුල් චිත්‍රපට දෙක නරඹලා එනවා නම් වඩාත් හොදයි.කථාව මෙන්න මේකයි…
මරෙක්ගෙ හොදම යාළුවෙක් වෙන තේන්ව කොල්ලකරුවන් පිරිසකගේ ප්‍රාණඇපයට පත්වෙනව. එයාව නිදහස් කරගන්න නම් කොල්ලකරුවන්ගේ මෙහෙයුමක් ඇයට කරන්න සිද්ධවෙනවා.කොල්ලකරුවන්ගේ නැතිවුන බඩු පාර්සලයක් අරන් එක තමයි භාරදෙන වැඩේ.ඒ යන ගමන ලේසි නෑ.උදවුවට ඩේගන් සහ ටීලා එකතුවෙනවා.ඒත් අවසානයේ නොහිතන ප්‍රතිවාදියෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.ඒ කවුද?මරෙක්ට බේරෙන්න පුළුවන් වෙයිද?ඇගේ ගමන වලක්වන්න හදන ඒ කැලිකරුවන් කවුද?ඒ ඔක්කොටෝම උත්තර ලැබෙයි චිත්‍රපටය නරඹපුවාම.බලන්න.කමෙන්ට් කරන්න.තවත් ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු…ජයවේවා!!!











