EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Lijo Jose Pellissery
Cast
Go Full Cast PageNanpakal Nerathu Mayakkam (2022) | දවල් හීන/ ජේම්ස්ද? සුන්දරම්ද?.
Lijo Jose Pellissery (L J P) මලයාලි සිනමාවේ සිටින දක්ෂතම පෙරළිකාර අධ්‍යක්ෂක වරයෙක්.. මලයාලි සිනමාවේ සම්ප්‍රදායන් ඉක්මවා ගොස් මලයාලි රහ තියාගෙන ඉතාමත් පෙරලිකාර චිත්‍රපට රාශියක් ඔහු බිහිකර තිබෙනවා. Amen, Ee. Ma. Yau, Angamaali Diaries, Jallikattu, Churuli වැනි චිත්‍රපට සිනමා රසිකයෙක් නම් ඔබ අනිවාර්‍යයෙන්ම නරඹා ඇති. ඔහුගේ ඉතා වේගවත්,කළබල කාරී සිනමා අනන්‍යතාවයෙන් බැහැර වෙලා L J P කරපු අමුතුම එක්ක් තමයි Nanpakal Nerathu Mayakkam.මෙහි විශේෂත්වය තමයි L J P සහ Mammooty සුසංයෝගය. 2022 දෙසැම්බර් නිකුත් කල IMDB 7.5 ක ඉහළ අගයක් ගත්ත මේ චිත්‍රපටිය මේ වන විට අති සාර්ථක ප්‍රතිචාර මැද තිරගත වෙනවා.
කේරළ ගමක කණ්ඩායමක් වේලක්කන්නි වන්දනාවක පැමිණ ආපසු යාමට වන ලක ලෑස්තියෙන් චිත්‍රපටය ආරම්භ වෙනවා.ජේම්ස් තමයි නඩේ ගුරා.කට්ටිය තමිල්නාඩුවෙ සිට කේරළය දක්වා දීර්ඝ ගමන ආරම්භ කරල අතර මග දවල්ට කාල එහෙම තමිල්නාඩු බඩ ඉරිඟු යායවල් මැදින් දැන් ආපසු ගමනේ.ඔක්කොම සුව බර නින්දක. ඇහැරලා ඉන්නෙ රියදුරා විතරයි.එකවරම ජේම්ස් බස් එක නවත්තලා බැහැල බඩ ඉරිඟු යායක් මැදින් නොපෙනී යනවා.කවුරුත් හිතුවෙ පම්ප් එකක් දාන්න ගියා කියල උනත් එන්න පරක්කුව නිසා කිහිප දෙනෙක් ඔහු සොයාගෙන කුඩා දෙමල ගමකට යනවා. ඒත් ජේම්ස් වෙනුවට ඔවුන්ට මුන ගැහෙන්නෙ ඔහුගෙ රුව හා සමාන සුන්දරම් නැමති දමිළ පුද්ගලයාව.ජේම්ස්ද ? සුන්දරම්ද? මලයාලි පිරිස හා කුඩා ගමේ දමිළ ගම්වාසීන් අතර සම්බන්ධය කෙබඳු වේද? ඉතිරි ටික බලන්න, බැලුවොත් අනිවාර්‍යයෙන්ම කොර වෙනවා.
එතරම් ලොකු බජට් එකක් ගිය එකක් නොවුනත් මේකෙ අධ්‍යක්ෂණය, කැමරා කරණය, මෙන්ම රඟපෑම් ද ඉතා ඉහළයි.විශේෂයෙන්ම මම්මූටිගෙ එකිනෙකට වෙනස් ද්විත්ව චරිත නිරූපණය. මේකෙ සංගීත අධ්‍යක්ෂනයක් නෑ. මුළු කාලය පුරාම පසුබිමින් ඇහෙන්නේ වටාපිටාවෙන් ඇහෙන විවිධ ගුවන් විදුලි හා රූපවාහිණි ගීත, නාට්‍ය හා අනෙක් වැඩ සටහන් වල හඬවල්.මූලික කතාවට අදාළ නැති උනත් යම් අවස්ථාවල ඒවා කතාවත් සමග මනා ලෙස ගලපා සංයෝජනය කරගෙන තිබෙනවා.විශේෂයෙන්ම උපසිරැසිය කරනකොට ඒ හඬවල් පරිවර්ථනය නොකර ඇදගෙන ගියත් ගැටළුවක් නොවෙන්න තිබුනා. ඒත් මම ඒවාටත් උපසිරැසි මට හැකි අයුරින් යෙදුවා, ප්‍රධාන උප සිරැසි වලින් වෙන් කිරීමට වෙනත් වර්ණයකින් ඒවා ඉදිරිපත් කර තිබෙනවා.
මෙම චිත්‍රපටිය කේරළ 2023 53 වන කේරළ සිනමා උළෙලේ 2022 හොඳම අධ්‍යක්ෂනය, හා නළුවා සම්මාන හිමි කර ගත්තා.ඔබ මලයාලි රසිකයෙක් නම් අනිවා බැලිය යුතු චිත්‍රපටයක් ලෙස මෙය නිර්දේශ කල හැකියි.











