CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3274 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 15, 2016India125 Min.
Your rating: 0
8.2 5 votes
Nayaki (2016) | පළිගැනීමේ වියරුව

මේ වතාවෙ අරගෙන ආවෙ  2016 සැප්තැම්බර් 16 වනදා තිරගතවීම ආරම්භ කළ  Comedy, Horror, Thriller ගණයට අයත් වෙන සලරුවක්. මෙහි අධ්‍යක්ෂණය  Goverdhan Reddy විසින් හා සංගීත අධ්‍යක්ෂණය Raghu Kunche විසින්  සිදු කරලා තියෙනවා. මෙය IMDb අගය ලෙස 5/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර Trisha, Ganesh Venkatraman, Satyam Rajesh, Sushma Raj, Brahmanandam වැනි ජනප්‍රිය නළු නිළියන් පිරිසකගෙන් අපූරු රංඟනයෙන් මේ  චිත්‍රපටය හැඩගැන්වෙලා තියනවා. ඒ වගේම මෙම චිත්‍රපටය දමිළ හා තෙලුගු යන භාෂා ද්විත්වයෙන්ම නිකුත් වෙලා තියෙනවා.

කතාව ගැන කියනවා නම්ඉන්දියාවෙ නන්දිවරම් කියලා ගමක් තියනවා. අවුරුදු 15ක් තිස්සෙ ඉඳන් මේ ගමේ ජීවත් වෙන පුද්ගලයන්පිට ගම්වලින් මේ ප්‍රදේශයට පැමිණෙන විවිධ පුද්ගලයන් අභිරහස් ලෙස අතුරදන් වෙනවා. පොලීසිය විසින් කොච්චර විමර්ෂණ කටයුතු සිදු කරත් පුද්ගලයන් මෙසේ අතුරුදහන් වෙන්නෙ කොහොමද කියලා හොයාගන්න බැරිවෙනවා වගේම අතුරුදහන් වූවන්ගෙත් කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වෙනවා. රජය විසින් මේකට මොනතරම් පිළියම් යෙදුවත් අතුරුදහන් වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනව නිසා අන්තිමට රජය තීරණය කරනවා නැවත් කිසිම කෙනෙකුට මේ ගමට යන්න බැරිවෙන්න මේ ගමට යන පාර හරහා මහා ලොකු තාප්පයක් බැඳලා මේ නන්දිවරම් ප්‍රදේශය  ‘ සීමා සහිත ‘ ප්‍රදේශයක් විදියට නම් කරන්න.මෙතනින් තමා කතාවෙ ආරම්භය සිදුවෙන්නෙ. හැබැයි මේ අතුරුදහන් වෙන්නෙ ඔක්කොම පිරිම අය වගේම හැමෝම අතුරුදහන් වෙන්නෙ සිකුරාදා දවසකඒ වගේම ඒ හැම දෙනාටම පොදු වූ කාරණයකුත් තියෙනවා. මේ දේවල් වලට හේතුව ඔයලට චිත්‍රපටිය බලද්දි තේරේවි. සාමාන්‍ය අපි බලන හොලමන් චිත්‍රපටිවලට වඩා මේක ටිකක් වෙනස්. ඒකත් මොකද්ද කියලා ඔයාලට චිත්‍රපටිය බලද්දි තේරේවි.

ඔය අතරෙ සන්ජයි කියලා අංක එකේ කපටියෙක් ඉන්නවා. මේකා කෙල්ලො දෙන්නෙක් එක්ක යාලුයි. එක්කෙනෙක් කසාද බඳින්න ඉන්න ලොකු පෝසත් පවුලක කෙල්ලෙක්. අනිත් කෙනා අහිංසකදුප්පත් කෙල්ලෙක්. මේකා මේ අහිංසක කෙල්ලව රවට්ටගෙනයටි හිතේ වෙන අරමුණකුත් එක්ක යාළුවෙක්ගෙ ගෙස්ට් හවුස් එකකට යනවා. හැබැයි මෙයාලා අන්තිමට ගිහින් නවතින්නෙ යන්න හිටපු තැනට නම් නෙමේ. මෙයාලා ගිහින් නවතින්නෙ රජය විසින් සීමිත ප්‍රදේශයක් කියලා නම් කරපුනන්දිවරම් ගමේ තියෙන මේ සියලු අතුරුදහන් වීම්වල කේන්ද්‍රස්ථානය වුණු හොල්මන් මන්දිරයෙ. හැබැයි මෙයාලා දන්නෙ නෑ තමන් මේ ඉන්නෙ තමන් ඉන්න ඕන තැන නෙමේ කියලා. මේන් මෙතනදි තමා කතාවෙ රසවත්ම සහ භයංකර කොටස් වල ආරම්භය සිදුවෙන්නෙ.

මේ මන්දිරයෙ ප්‍රධාන හොල්මන් දෙකක් ඉන්නවා. දුව සහ පියා…තව අයත් ඉන්නවා.විශේෂත්වෙ තමා දුවගෙ හොල්මන ( දුවගෙ නම ගයත්‍රී ) හැර අනිත් හැම හොල්මනක්ම පියවි ඇසට පේනවා. දුවගෙ හොල්මන විතරක් පියවි ඇසට පේනෙ නෑ. ඇයව බලන්න පුලුවන් කැමරාවෙන් විතරයි. ඒකට හේතුව වගේමමෙයාලා ඇයි හොල්මන් බවට පත් උනේඇයි මෙයාලා  විශේෂෙන් තෝරාගත්ත පිරිමි අයව විතරක් මරන්නෙ ? , ඇයි සිකුරාදා දවසටම විතරක් පුද්ගලයන් අතුරුදහන් වෙන ඒවට හේතුවෆිලුම අවසානයට ටිකක් මෙහා පෙන්නනවා. මීට වැඩිය නම් තව එක පොඩ්ඩක්වත් චිත්‍රපටය ගැන කියන්න යන්නෙ නෑ… දැනටමත් කීව්වා වැඩිද මංදා…?  හැබැයි මේක නම් කියන්නම ඕන. කිසිම කම්මැලිකමකින් තොරව හිනාවෙවී ඔයාලට මේ ෆිලුම බලන්න පුලුවන්. ඒ ගැන මම සහතික වෙනවා.එහෙනම් ඔයාලට මේ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම සමු ගන්නවා.

Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ආධිත්‍ය ගිම්හාන (Baiscopelk)
IMDb 2.6 /10 174 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Cellar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dashcam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flatliners (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nootokka Jillala Andagadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Herbie Fully Loaded (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viking Wolf (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
That’s My Boy (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Asuran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Number Karthik Dialed (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nayakan (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published