EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNeru (2023) | “සත්‍යය”
අපේ ලාලෙට්ටන් මේ පාරනම් නියම වැඩකට අත ගහලා , Monster , Aaraattu , Alone වගේ අසාර්ථක ෆිල්ම් ගොඩකට පස්සෙ යන්තන් බලන් ඉන්න පුලුවන් භාණ්ඩයක් ආවා ඔන්න , දෙසැම්බර් 21 වෙනිදා සිනමාශාලා වල දර්ශණ වාර ආරම්භ උන ෆිල්ම් එක මාසෙකින් වගේ ott මාධ්‍ය වලින් නිකුත් උනා අද
කතාව ගැනනම් ලොකුවට කියන්න යන්නෑ , දරුණු අපරාධයකුත් වෙලා , කොහොමද උනේ කියලත් දන්නවා , කවුද කරේ කියලත් දන්නවා , අපරාධකාරයත් ඇස් ඉස්සරහ පිටම ඉන්නවා , හැබැයි ඔප්පු කරගන්නෙ කොහොමද , මේ මුල් විනාඩි 5 කියලා හිතන්නකෝ ,
ඒක ජිතූ ජෝශප්ගෙයි ලාල්ගෙයි combination එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , Drishyam වගේ කලින් වැඩ ගැන , හැබැයි මේක thriller ෆිල්ම් එකක් නෙවේ courtroom drama එකක්..
මෝහන්ලාල්ට අමතරව සිද්ධික් , අනස්වරා රාජන් , සාන්ති මායාදේවී , ස්‍රීධන්‍යා , ප්‍රියමාණි , ජගදීශ් , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයේ යෙදෙනවා , IMDb 7.8/10 ක අගයක් අරගෙනත් තියෙනවා , එදා මෙදා තුර ඉතිහාසෙ මලයාල්ම් ෆිල්ම් එකක් හොයපු 5 වෙනි වැඩිම ආදායම වෙන කෝටි 100+ ආදායමකුත් හොයලා තියෙනවා , ඒ බොක්ස්ඔෆිස් කෝටි 85+ ආදායමක් සමගින් , ඒකත් පට්ට අඩු වියදමකින්, වැඩේ කියන්නෙ මේ මුල් 5 න් 3 ක්ම ලාලෙට්ටන්ගෙ ෆිල්ම් 🔥🔥 2023 වසරේ දෙවෙනියට වැඩිම ආදායම ලබපු මලයාලම් ෆිල්ම් එක වගේම මෝහන්ලාල්ගෙත් තුන්වෙනි වැඩිම ආදායම මේක










