EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඅඳුරේ සැඟවුණු මරණීය රහස!
මම ඔයාලට අරගෙන ආවේ 2025 අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක්. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, Mystery, Thriller සහ Horror කියන කැටගරි තුනටම අයිති වෙන, පටන් ගත්ත වෙලාවේ ඉඳන් කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් පට්ට කතාවක්. විශේෂයෙන්ම සෝනාක්ෂි සින්හා සහ අර්ජුන් රාම්පාල්ගේ රංගනයෙන් හැඩවුණ මේ ෆිල්ම් එක ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටියේ අනිකුත් විස්තර පිළිබඳ අවධානය යොමුකරමු.
කුෂ් එස්. සින්හාගේ අධ්‍යක්ෂණයෙන් සහ එන්වීබී ෆිල්ම්ස් නිෂ්පාදනයෙන් 2025 වසරේ තිරගත වූ මේ සිනමා පටය Thriller, Mystery සහ Horror යන ගණයන්ට අයත් නිර්මාණයක්. මෙහි ප්‍රධාන චරිත සෝනාක්ෂි සින්හා, අර්ජුන් රාම්පාල් සහ පරේෂ් රාවල් රංගනයෙන් දායක වන අතර, සුහයිල් නයියාර් ද මෙහි සුවිශේෂී රංගනයක නිරත වෙනවා. ප්‍රවීණ නළු පරේෂ් රාවල්ගේ රංගනය ගැන විශේෂයෙන්ම කිවහොත්. ඔහුගේ “අමර් දේව්” කියන චරිතය චිත්‍රපටිය පුරාවටම ප්‍රේක්ෂකයින්ව පුදුම කරනවා. ඒ වගේම මිත්‍යාව සහ විද්‍යාව අතර තියෙන සටන මේකෙන් නියමෙට පෙන්නනවා.
මේ වන විට මෙම චිත්‍රපටිය සඳහා IMDb දර්ශකයේ 7.2/10 ක වැනි ඉහළ අගයක් හිමි වී තිබෙන අතර, චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනා පවසන්නේ මෙහි කතාව ගලාගෙන යන ආකාරය සහ අවසානය දක්වාම කුතුහලය රඳවාගෙන සිටීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇති බවයි. විශේෂයෙන්ම සෝනාක්ෂි සින්හාගේ රංගන පෞරුෂය සහ පරේෂ් රාවල්ගේ බියකරු රංගනය විචාරකයින්ගේ ඉහළ පැසසුමට ලක්වී තිබෙනවා. “මිත්‍යාව සහ තාර්කිකත්වය අතර ගැටුම මනාව නිරූපණය කළ මෑත කාලීන හොඳම හින්දි ත්‍රාසජනක චිත්‍රපටයක්” ලෙස මෙය බොහෝ දෙනා මෙය හඳුන්වනවා.
නිකිතා රෝයි කියන්නේ ලන්ඩන් වල ජීවත් වෙන ප්‍රසිද්ධ ලේඛිකාවක් වගේම මනෝවිද්‍යාඥවරියක්. ඒ වගේම එයා මිත්‍යා විශ්වාසවලට එරෙහිව කටයුතු කරන “ජාත්‍යන්තර රැෂනලිස්ට් කමියුනිටි” (IRC) එකේ ක්‍රියාකාරී සාමාජිකාවක්. එයාගේ අයියා ඩොක්ටර් සනාල් රෝයි. සනාල් කියන්නෙත් හොර බොරු හාස්කම් එළිදරව් කරන විමර්ශකයෙක්. හැබැයි එකපාරටම සනාල්ගේ අභිරහස් මරණයත් එක්ක නිකිතාගේ ජීවිතේ කණපිට පෙරලෙනවා. පොලිසිය මේක සියදිවි නසාගැනීමක් කිව්වට නිකිතා දන්නවා මේක මිනීමැරුමක් කියලා. මේ පස්සේ හොයන් යන නිකිතාට හම්බවෙන්නේ “අමර් දේව්” කියන හාස්කම් කරනවා කියන පූජකයාව. අමර් දේව් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. එයා නිකිතාට කෙලින්ම අභියෝග කරනවා “තව දවස් 3කින් නිකිතා මැරෙනවා” කියලා.
මේක ඇත්තටම සාපයක්ද? නැත්නම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් මායාවක්ද? අමර් දේව් මිනිස්සුන්ව පාලනය කරන්න පාවිච්චි කරන The Book of Darkness කියන්නේ ඇත්තටම මොකක්ද? නිකිතාට එයාගේ පරණ පෙම්වතා ජොලී එක්ක එකතු වෙලා දවස් 3ක් ඇතුළත මේ රහස හොයාගන්න පුළුවන් වෙයිද? නැත්නම් අයියා වගේම නිකිතාටත් මැරෙන්න වෙයිද? උත්තරේ දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.








