EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNo Tears for the Dead (2014) | එපා කඳුලැල් සලා…
014 වර්ෂයේ නිකුත් උන මේ චිත්‍රපටිය ක්‍රියාදාම / නාට්‍යය ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම 6.7/10 ක IMDb අගයකුත් 43% ක කුණු තක්කාලි අගයකුත් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 56ක් පුරාවට දිව යනවා.
කතාව ගැනත් කියනවනම් ජින්-ගෝන් කියන්නෙ කුලී ඝාතකයෙක්. ජීවත් වෙන්නෙ ඇමරිකාවේ. එක දවසක් මෙයාට වැඩක් පැවරෙනවා අපරාධමය ගනුදෙනුවක් වෙන ස්ථානයකට ගිහින් ඒ ගනුදෙනුවට සම්බන්ධ සියලුම දෙනා ඝාතනය කරන්න. ඉතිං මෙයා මේ අපරාධමය ගනුදෙනුව වෙන තැනට ගිහින් එතන ඉන්න හැමෝවම ඝාතනය කරනවා. එතනදි අත්වැරදීමකින් ගෝන් ගෙ වෙඩි පාරකට ලක් වෙලා පුංචි දැරියක් මිය යනවා. ඇගේ නම යූමි.
ඒ සිද්ධියෙන් පට්ට අවුල් වෙන ගෝන් ඝාතන වැඩ අත් ඇරලා මත්පැන් වලට ඇබ්බැහි වෙලා තමන් විහින්ම කාළකණ්නි වෙලා ජීවත් වෙනවා. ඒත් මෙයාගෙ ලොක්කා මෙයාට එහෙම ජීවත් වෙන්න දෙන්නෙ නෑ. අර අපරාධමය ගනුදෙනුව සිදු කරන්න මුල් උන පුද්ගලයා නිසා ගෝන් ගෙ ලොක්කට ඩොලර් මිලියන 100ක් අහිමි වෙලා. ඒ මිලියන 100ට උන දේ ගැන හරියටම හොයාගන්න තුන් දෙනෙක්ව මරලා දාන්න කියලා ගෝන් ට ලොක්කා නියෝගයක් දෙනවා. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි අර මිය ගිය දැරිය, යූමි ගෙ අම්මා. එයා ඉන්නෙ කොරියාවේ. ඉතිං අර දැරියගෙ අම්මව හොයාගෙන ගෝන් ට කොරියාවට යන්න වෙනවා.
ඉතිං යාළුවනේ.. කතාව ගැන මීට වඩා කියන්නෙ නෑ. ගෝන් අතින් අර දැරිය, යූමි මිය යන්නෙ කොහොමද? ඒ අපරාධමය ගනුදෙනුව වෙන තැන යූමි ඉන්නෙ ඇයි? යූමි ගෙ අම්මව මරන්න කියලා ගෝන් ට නියෝග ලැබෙන්නෙ ඇයි? ගෝන් ට අර ඩොලර් මිලියන 100 ට උන දේ හොයාගන්න පුළුවන් වේවිද? උපතින්ම කොරියානුවෙක් උන ගෝන් ඇයි ඇමරිකාවේ ජීවත් වෙන්නේ? අන්තිමේදි ගෝන් අර දැරියගෙ අම්මවත් මරලා දාවිද කියලා කතාව බලලම දැනගන්න.











