EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Nokturno (2024) | නිශාචර

 

Nokturno කියන්නෙ පිලිපීන සිනමා නිර්මාණයක්. ස්පාඤ්ඤ භාශාවෙන් ණයට ගත්ත nocturno කියන ඒ වචනෙ පිලිපීන තේරුම නිශාචර නැත්නම් රාත්‍රිය කියන එක. කතාව ගැන කියනව නම්, මේ කතාව ගොඩනැගෙන්නෙ රෑ කාලෙදි ගෙදර දොරට තට්ටු කරලා, ඒකට ප්‍රතිචාර දක්වන අයට අසුභ ඉරණමක් අත් කරල දෙන පිලිපීන පුරාවෘත්තයක් වුන “කුමකටොක්” වටා.

චිත්‍රපට නිෂ්පාදක මිහායිල් රෙඩ් අධ්‍යක්ෂණය කරපු 2024 දි තිරගත වුන මේ Nokturno චිත්‍රපටය මිනිස් බිය, ජනප්‍රවාද වගේම පවුල් උරුමයේ අන්ධකාරය ගැන ගැඹුරටම කිමිදෙන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහට හඳුන්වනවා.

කතාව ගැන කියනව නම්,

තමන්ගෙ නංගිගෙ මරණයට සහභාගි වෙන්න ගමට එන ජෙමීගෙ වගේම ජෙමීගෙ පවුලෙ ඉරණම ගැන තමයි කතාව දිග ඇරෙන්නෙ. පුරාවෘත්ත කතාවක් වුන රෑ කාලෙදි දොරට තට්ටු කරන “කුමකටොක්” ගැන තදින්ම විස්වාස කරන වගේම ඒ ශාපෙන් තමන්ගෙ පවුල බේරගන්න මහන්සි වෙන ජෙමීගෙ අම්මා ලිලට් මේ වතාවෙත් පරාද වෙලා තමන්ගෙ බාල දුවව නැති කරගෙන ඉන්නෙ. මේ සාපෙන් තමන්ගෙ මහත්තයව වගේම බාල දුවවත් බිලි ගත්තට පස්සෙ ලිලට්ට දැන් ඉතුරු තමන්ගෙ ලොකු දුවත් පවුලෙ බඩපිස්සා වුන පුතත් විතරයි.

ඒ වගේම පොඩි කාලෙ ඉඳන්ම අම්මගෙ කතා විකාරයක් කියල හිතපු ජෙමී මේ හැමදේම අතහැරලා දාලා නගරෙට ගිහින් හිටියත් තමන්ගෙ නංගිගෙ මරණෙ වෙනුවෙන් ගමට ආවම අම්මා ආයෙ ආයෙත් පරණ කතාවම කියන එක ගැන තරහ ගන්නවා. ඒ කතා එකක්වත් ජෙමී විස්වාස කරන්නෙ නැහැ. ඉතිං ජෙමීගෙ නංගිට ඇහුනා වගේම දොරට තට්ටු කරන සද්දයක් ඇහෙන ජෙමීත් දොර ඇරල බැලුවත් කවුරුත් පේන්න නැහැ කියල දකින ජෙමී දොර වහල දානවා….

ඉන් පස්සෙ ජෙමීට මොනවා වෙයිද…අම්මා කියපු කතාව ඇත්ත වෙයිද…නැත්නම් ඒවා බොරු කරලා අම්මවයි මල්ලිවයි බේරගෙන මේ ශාපලත් ගමෙන් යන්න ජෙමීට පුලුවන් වෙයිද….කතාව බලලා එහෙනම් පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න..

Comments

June 8, 2025

❤️👍