EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNunakuzhi (2024) | බොරු පිට බොරු
ආයුබෝවන්, මෙන්න අළුත්ම මලයාලම් ක්‍රයිම් කොමඩි එක. ජීතු ජෝශප් ගැන නම් මලයාලි රසිකයො නොදැන ගන්න විදිහක් නෑ. මලයාලි සිනමාවෙ මතක සටහන් කීපයක්ම තියපු ඔහු තමා Drishyam ද්විත්වය , 12th Man. Neru. Koomam වගේ සුවිශේෂ චිත්‍රපට අධ්‍යක්ෂණය කලේ. මේකෙදි ඔහු තව දුරටත් කොමඩි පැත්තට බර වෙලා බැසිල් ජෝශප් එක්ක එකතු වෙනවා. අහන්න දෙයක් නෑනේ මේ ජෝශප්ල දෙන්න එකතු උනාම හැදෙන බ්ලාස්‍ට් එක ගැන. ග්‍රේස් ඇන්තනි, නිකිලා විමල්,සිද්දික්, මනෝජ් කේ ජයන්, අජු වර්ගීස්, සයිජු කුරුප්, අල්තාෆ් සලීම්, ලේනා කුමාර් වැනි ජනප්‍රිය නළු නිළි කැළක්ම මේකට රංගනයෙන් දායක වෙනවා. ඉතිං මේක පටන් ගත්තු වෙලාවෙ ඉඳල විවිධ සිද්ධීන් සහිත ලස්සන කතාවක්. මේක බොස් ඔෆිස් අතින් සාර්ථක උන තවත් මලයාලම් සිනමා පටයක්.
විශාල කොම්පැණියක අයිතිකරු මිය යාමත් එක්ක ඒකෙ පාලනය ඔහුගෙ ලද බොළඳ කිසි වග කීමක් නැති එබීට හිමි වෙනවා. අම්මගෙ බල කිරීම නිසා ඔෆිස් යන මේ බබා කසාද බැඳලා තවම මාස තුනයි. එක දවසක කොම්පැණියට ඉන්කම් ටැක්ස් එකෙන් කඩා පනිනවා. ලිපි ලේඛණ සහ පරිගනක එක්ක එබීගෙ ලැප් ටොප් එකත් ඔවුන්ගෙ භාරයට පත් වෙනවා. මළ කෙලිය පටන් ගන්නෙ එතැන් සිටයි. ලැප් ටොප් එක හඹා යන එබී එක දවසක් තුල මුහුණ දෙන අත් දැකීම් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ. ඉතිං බබා කිව්වට මූ මෝඩයෙක් නෙමෙයි. බලන්නකො මෙතන දිග හැරෙන බොරු පිට බොරු.




