EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Odum Kuthira Chadum Kuthira (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Althaf Salim, Aneev Sukumar
Cast
Go Full Cast PageOdum Kuthira Chaadum Kuthira (2025) | “ හීන ලෝකය – හැබෑ ලෝකය අතරමැද ”
චිත්‍රපටයේ නම Odum Kuthira Chadum Kuthira. 2025 අගෝස්තු 29 වනදා තිරගත වීම අරඹන මේ චිත්‍රපටයේ නිළ Digital Streaming Partner තමයි Netflix.
අපි හුඟක් දෙනා ආදරය කරන Fahadh Faasil, Kalyani Priyadarshan සහ Revathi Pillai මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටය දැන්ට IMDb මීටරය නම් කරකවලා තියෙන්නෙ 5.2/10 වගේ අගයක්.
එහෙනම් යමු කතාව පැත්තට.
කතාව දිවෙන්නේ ඒබි මැතිව් කියලා කොල්ලෙක් වගේම නිධි සහ රේවතී කියලා කෙල්ලො දෙන්නෙක් මූලික කරගෙන. කොල්ලෙක් එක්ක කෙල්ලෝ දෙන්නෙක් කියපු ගමන් හිතන්න එපා මේක තවත් එක තුන්කොන් ආදර කතාවක් කියලා. මේක කිසිසේත්ම එහෙම කතාවක් නෙවෙයි.
එහෙනම් මේක මොකක්ද? 🤔
වැඩිය ස්පොයිල් නොකර මම කතාවේ ආරම්භය ගැන පොඩ්ඩක් කියන්නම්. 😌
කතාව පටන් ගන්නේ ඒබි සහ නිධි දෙන්නාගේ වෙඩින් එකට කළින් දා රාත්‍රියෙන්. මහ රෑ මැද්දේ නිධි එනවා ඒබිගේ ගෙදරට. ගෙදර අයත්, අහළ පහළ අයත් නිදි අතරේ මේ ජෝඩුව එළියට යනවා කතා කරන්න. නිධි මේ රෑ තිස්සේ ඒබිව හොයන් ඇවිත් තියෙන්නෙ එයා දැකපු හීනයක් ගැන කියන්න. ඒත් එක්කම වෙඩින් එකට ඒබි මල් වැටුනු ඇඳුමක් ඇඳලා සුදු පාට අශ්වයෙක්ගේ පිටේ රාජ කුමාරයෙක් වගේ ආවෙ නැත්තන් ඇය වෙඩින් එක එන්නෙ නෑ කියලත් කියනවා.
ඉතින් මහ රෑම ඒබි කොහොමහරි සුදු පාට අශ්වයෙක් හොයාගන්නවා. ඉතින් පැය දෙකයි විනාඩි තිහකට ආසන්න කාලයක් චිත්‍රපටය දුවන්න මේ අශ්වයා මොන වගේ දෙයක් කරයිද???
අන්න ඒක දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
පළවෙනි මලයාලම් පරිවර්තනය නිසා අඩුපාඩු තිබ්බොත් නොසලකා හරින්න කියලා ඉන්නවා.











