EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOfficer on Duty (2025) | මෙහෙමත් පළි ගැනීමක්
බොහෝ දෙනෙක් බලා ගෙන හිටපු මලයාලම් සුපිරියක් අදම ගෙන එනවා. 2025 වසර තුල මලයාලම් චිත්‍රපට ගොන්න අතර ඉතා විශාල ප්‍රතිචාරයකට භාජනය වූ මේ චිත්‍රපටිය රුපියල් කෝටි 50 ඉක්මවා ආදායමක් ලබා ගන්න පුළුවන් උනා. මේක මලයාලම් වලටම ආවේණික Action Thriller film ඝනයේ සුපිරි චිත්‍රපටියක්. පටන් ගත්ත වෙලාවෙ ඉඳලම කිසිම කම්මැලි කමක් නැතුව බලා ඉන්න පුළුවන්.
මලයාලි සිනමාවෙ පොලිස් කාරයො නැති චිත්‍රපටි නම් බොහෝම අඩුයි. ඇත්තටම කිව්වොත් මලයාලි සුපිරි නළුවො හැම දෙනාම අඩු වශයෙන් දහ දොළොස් වතාවක් වත් පොලිස් ඇඳුම ඇඳලා ඇති, මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා කුන්චාකෝ බොබන් ගැන උනත් හිතුවොත් එහෙම චිත්‍රපට රැසක්ම හොයා ගන්න පුළුවන්. මේකත් පොලිස් කතාවක් තමයි.
එක රාත්‍රියක බැංගලෝරයෙ ඉඳන් කේරළය බලා එන බස් රථයක් වී පොඩි සිද්ධියක් මේ මුළු කතාවටම හේතු වෙනවා. එම සිද්ධිය සෑහෙන පිරිසකගෙම ජීවිත වලට බලපානවා. ඉතිං මේ ගැටළුව විසඳෙන්නෙ කොහොමද?
බොබන් සමග ප්‍රියමනි, ජෙගදීශ්,විශාක් නායාර් සෙසු චරිත වල රඟපානවා. ජිතූ අශ්රෆ්ගේ කුළුඳුල් චිත්‍රපටිය.
වැඩිය කියන්නෙ නෑ. බොහෝ දෙනෙක් බලා ඉන්නවා මේක දෙන කල්. ඔන්න එහෙනම්






