EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOMG Oh My God! (2012) | දෙවියන්ට එරෙහිව නඩුවක්…
ඔන්න අදත් ඔයාලට හොඳට රසවිඳින්න පුලුවන් සුපිරි ගණයේ හිංදි බයිස්කෝප් එකක් ඔයාලට අරගෙන ආව. මේක නිකුත් වුනේ 2012 සැප්තැම්බර් 28 වෙනිදා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.5/10 ක් අරන් තියන පට්ට ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්නෙ ඒකෙන්ම මේ ෆිල්ම් එක කොහොමද කියල. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Umesh Shukla විසින්. Akshay Kumar, Paresh Rawal, Mithun Chakraborty, Om Puri යන සුප්‍රකට නලු නිලියන් රංගනයෙන් දායක වෙලා තියනව.මේක වෙනස්ම කතා තේමාවක් මත නිර්මාණය කෙරුනු චිත්‍රපටයක්. එහෙනම් මම ඔයාලට කියන්නම්කො මේකෙ කතාව….
මේකෙ ඉන්නව කාන්ජී ලාල් මෙහෙතා කියල කෙනෙක්, එයා දේව ප්‍රතිමා, මූර්ති අලෙවි සැලක් කරගෙන ජීවත් වෙන මධ්‍යම පංතියේ පුද්ගලයෙක්. ඒත් එයා දෙවියන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නෙ අංක එකේ අදේවවාදිකයෙක්. කොහොමහරි ඔහොම කල් ගත වෙද්දි ඉන්දියාවට භූමිකම්පාවක් එනව. ඒත් මේකෙන් කිසිම පුද්ගල දේපල හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙන් කාන්ජි ලාල්ගෙ කඩේ මුලුමනින්ම විනාශ වෙනව. පස්සෙ එයා රක්ෂණ සමාගමට යනව එයාට වුනු අලාභය ලබා ගන්න. ඒත් රක්ෂණ සමාගමේ කොන්දේසි වලට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනව. ‘act of god’ එනම් දෙවියන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවූ හානි වලට තම රක්ෂණ සමාගම වග නොකියන බව ගිවිසුම් වල සෘජුවම සටහන් වී තිබෙනවා. ඉතින් මෙයා හිතනව දෙවියන් නිසා තමයි තමයි තමන්ට මේ දේ වුනේ කියල. ඒනිසා එයා උසාවියේ නඩුවක් දානව දෙවියන්ට විරුද්ධව. ඔයාලට හිතෙන්නෙ නැද්ද එතකොට මොන මොන ආකාරයේ ගැටලු මතුවෙයිද කියල. සිතාසි යවන්නෙ කාටද? කවුද දන්නෙ දෙවියන්ගෙ ලිපිනයක්, ඉන්න තැනක්. මාර සින් එක නේද??
ඔන්න ඔතනින් තමයි කතාව හොඳම කොටස පටන් ගන්නෙ..මේ අතර කාන්ජි ලාල්ගෙ ගෙදරට අක්ෂේ කුමාර් නැත්තම් ක්‍රිශ්නා පැමිණෙනවා..ඉතින් එතනින් පස්සෙ වෙන ටික ඔයාලම බලන්න. දෙවියන්ට විරුද්ධව නඩුව උසාවිය පිලිගනියිද? මේ නඩුවට දෙවියන්ට එන්න බැරි නම් කවුරු එයිද? දෙවියන් කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද? මේ නඩුව දිනන්න මෙයා මොනවගේ තර්ක විතර්ක ඉදිරිපත් කරයිද? ඒව කෙතරම් දුරට සාර්ථක වෙයිද? අක්ෂේ නැත්තම් ක්‍රිශ්නා කියන්නෙ කවුද? එයා මොකටද කාන්ජි ලාල්ගෙ ගෙදරට එන්නෙ? ප්‍රශ්න කෝටියයි නේද?? හික්ස්! කලබල වෙන්න එපා, මේ හැම ප්‍රශ්නෙකට විසඳුම් මේ ෆිල්ම් එක අවසානයේදි ඔයාලට ලැබෙයි…ඇත්තටම මෙය අති විශිෂ්ට සංකල්පයක් මත බිහිවුනු නිර්මාණයක්. ඇත්තටම මේක මම බලපු හොඳම ෆිල්ම් එකක් කියන්න පුලුවන්.
- OMG: Oh My God! (2012)
- OMG 2 (2023)


