EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
One Cut of the Dead (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Shinichiro Ueda, Yûya Nakaizumi
Cast
Go Full Cast PageOne Cut of the Dead (2017) | චිත්‍රපටියක් වෙනුවෙන් විඳින් දුක්.
One Cut of the Dead චිත්‍රපටිය නිකුත් වුණේ 2017 දි. IMDB අගය 7.6 වගේ ලොකු ප්‍රමාණයක් මේකට හිමි වෙලා තියෙනවා. මේක ජපන් චිත්‍රපටියක්. මේ වෙද්දී චිත්‍රපටි 2ක් නිකුත් වෙලා තියෙනවා.
Takayuki Hamatsu, Harumi Shuhama, Yuzuki Akiyama, MAO කියන ශිල්පීන් රංඟනයෙන් දායක වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් මේක “චිත්‍රපටියක් ඇතුලේ නිර්මාණය වෙන චිත්‍රපටියක්”. මොකද කියනවනම්
කතාව මෙහෙමයි (Spoiler Alert) : හිගුරාශි කියලා චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක්ට ලොකු අභියෝගයක් ලැබෙනවා. ඒ තමයි චිත්‍රපටිය ආරම්භයේ ඉඳන්ම අවසානය වෙනකම් කැමරාව තනි දර්ශනයක් විදියට පටිගත කරන සොම්බි චිත්‍රපටියක් නිර්මාණය කරන එක. ඉතින් ඒ අභියෝගේ භාරදෙන්නේ රූපවාහිනී නාලිකාවක්. එයාලා සොම්බිලා ගැන කරන රූපවාහනී නාලිකාවක ආරම්භය චිත්‍රපටියකින් කරන්න බලාපොරොත්තු වෙන නිසා තමයි ඒ වැඩේ හිගුරාශිට භාර දෙන්නේ.
එතකොට තමයි නළු නිළියන් එක්ක එක්කහු වෙලා කාර්‍ය මණ්ඩලය එක්ක මේ චිත්‍රපටිය හදන්න පටන් ගන්නේ. හැබැයි ඒක ගොඩක් අමාරු වැඩක් කියලා එයාලට තේරෙන්නේ චිත්‍රපටිය රූගත කරනකොටයි. ඒ වගේම මේක හොඳ කොමඩි චිත්‍රපටියක්. බලන්න කියන ආරාධනයත් එක්ක මං සමුගන්නවා.🤘











