EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Our Little Secret (2024) | “රහස් හෙළිවෙන සුභ නත්තලක්”

 

“Our Little Secret” කියන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් 27 වෙනිදා නත්තල වෙනුවෙන් නිකුත් වුණ සිනමාපටයක්. Comedy/Romance කියන කැටගරියට අයත් වෙන මේ නිර්මාණයට IMDb 5.7 ක අගයකුත්, කුණු තක්කාලි 38% ක අගයකුත් ලැබිලා තියෙනවා. Netflix ඔස්සේ එළියට ආව මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Stephen Herek විසින්. පැයකුත් විනාඩි හතළිස් එකක් පුරාවට දිවෙන මේ සිනමාපටයෙන් ප්‍රේක්ෂකයන්ගේ නත්තල් වයිබ් එක වඩාත් හොඳ විදිහට විඳගන්න ලැබේවි කියන එක තමයි මගේ පෞද්ගලික මතය.

කතාවේ ප්ලොට් එක දිහා බලමු,

ප්‍රධාන චරිතේ තමයි “එව්රි”. මේ එව්රි කාලෙකට කලින් “ලෝගන්” කියන කෙනත් එක්ක ආදරේ කරලා වෙන්වුණ කෙනෙක්. ඒ අතීතේ ඉඳන් මේ වර්තමානෙට එනකන් චිත්‍රපටය මුලදී හරි ලස්සනට කාල රාමු කිහිපයක්ම නිරූපණය කරනවා. කොහොමහරි අවුරුදු ගාණකට පස්සේ එව්රි, අළුත් පෙම්වතෙක් හොයාගන්නවා. ඒ වගේම ලෝගනුත් අළුත් පෙම්වතියක් හොයාගන්නවා. හොඳම වැඩේ කියන්නේ මේ අළුත් ඩබල එකම පවුලේ සහෝදරයයි සහෝදරියයි. එව්රි වත් ලෝගන් වත් මේ ගැන දන්නේ නෑ ඒ ගෙදර නත්තල් පාටියට මෙයාලට ආරාධනා කරනකන්. කොහොමහරි පරණ පෙම්වතුන් දෙන්නා අළුත් පෙම්වතුන් වෙලා ඉන්නකොට ආයෙත් හම්බෙනවා. එකම ගෙදර නත්තල සමරන්න මෙයාලට සිද්ධවෙනවා. ඒත් දෙන්නගෙම හොඳට මෙයාලා එකඟතාවයකට එනවා දෙන්නගේ කලින් සම්බන්ධේ ගැන ගෙදර කිසිම කෙනෙක්ට නොකියා ඉන්න. කොහොමහරි මෙහෙම කතාව ඇදිලා යනවා. මෙයාලගේ සම්බන්ධේ අනිත් අයට අහුවෙයිද? එහෙම වුණොත් මෙයාලගේ දැනට තියෙන සම්බන්ධ වලට ඒක බාධාවක් වෙයිද? ඒ රහසට අමතරව තව මොන මොන විදිහේ රහස් මේ අතරේ අනාවරණය වෙයිද? කියන ප්‍රශ්නවලට උත්තර මේ චිත්‍රපටය අවසානයට දැකගන්න පුළුවන් වෙනවා.

කාස්ට් එක ගැන බලනකොට, මේ වගේ කැටගරීස් වල ෆිල්ම්ස් වලට කියාපු නිළිය වෙන “Lindsay Lohan” එව්රි චරිතයටත්, “Ian Harding” ලෝගන් චරිතයත් මූලික චරිත දෙක විදිහට රංගනයෙන් දායක වෙනවා. තව හොඳ හොඳ මූණු ටිකක් වගේම චිත්‍රපටයට ලොකු සාධාරණයක් කරන නළු නිළියෝ ටිකක් මේකෙදී දැකගන්න පුළුවන් වෙනවා.

මේ චිත්‍රපටයත් එක්ක රසවිඳින්න විනෝද වෙන්න හැමෝටම ආරාධනා කරනවා

Comments

February 16, 2025

❤️tnx