EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

77 (Penthouse 77) කියන්නේ 2025 ජූලි 30 තිරගත වුණු අමුතුම horror movie එකක්.

මේක බය කරවන සද්ද, හදිසි jump scares වලට වඩා, හිත ඇතුළට යන බයක් ගැන කතාවක්. මේ චිත්‍රපටය බලද්දි “මේක ඇත්තටම horror එකක්ද, නැත්තං මනස ඇතුළේ වෙන දෙයක්ද?” කියලා හිතෙන්න පටන් ගන්නවා.

කතාව සිද්ධ වෙන්නේ Penthouse 77 කියන apartment එක ඇතුළේ.

ඒක පේන්නෙ සාමාන්‍ය තැනක් වගේ. නමුත් ඒ ගෙදරට එන මිනිස්සුන්ට තමන්ගෙම අතීතය, දුක, බය සහ වරදකාරි හැඟීම් වලට මුහුණ දෙන්න වෙනවා. මේ ගෙදර බය වෙන්නෙ ආත්මයන්ට වඩා, මනුෂ්‍යයන්ගේ හිත.

Luna කියන තරුණිය මේ Penthouse එකට එනකොට, ඇයගෙ ජීවිතේ තිබුණ ලොකු අහිමිවීමක් ඇය අමතක කරලා නෑ. ඒ දුක ඇයගෙන් පස්සෙන් එනවා. එක එක සිද්ධි අතරේ, ඇය ඇයගේම හිත එක්ක සටන් කරන විදිහ අපිට දකින්න ලැබෙනවා. මේක බලද්දි කෙනෙක් දුකක් ඇතුළේ ගමන් කරන විදිහ හරිම real විදිහට දැනෙනවා.

මෙම චිත්‍රපටයේ විශේෂත්වයක් වෙන්නේ Jonas කියන ළමා චරිතය. ඔහු innocent වගේ පේනවා. නමුත් ඔහු ඉන්න වෙලාවටම screen එකට අමුතු බයක් එනවා. ඒ බය සද්දයක් නෙමෙයි, හිත ඇතුළට වැටෙන බයක්.

Barbie Forteza Luna ලෙස කරන රන්ගනය හරිම බලවත්. ඇය බය වෙනවා, බිඳ වැටෙනවා, නිශ්ශබ්ද වෙලා හිතනවා. ඒ හැමදේම over acting නැතුව natural විදිහට පෙන්වනවා. අනෙක් පලපුරුදු නළුවෝත් එක්ක, කතාව තවත් ගැඹුරු වෙනවා.

77 කියන අංකය මේ චිත්‍රපටේ අමුතු අරුතක් තියෙන එකක්. ඒක මිනිස්සුන්ට තමන්ගෙ හිත ඇතුළට බැලුවොත් මොනවා දකින්න පුළුවන්ද කියලා අහන අංකයක් වගේ. Penthouse 77 කියන්නේ බය පැනලා යන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒක ඇත්තටම තමන්ගෙම හිත ඇතුළට යන්න වෙන තැනක්.

P77 කියන්නේ සාමාන්‍ය horror movie එකක් නෙමෙයි. මේක දුක, guilt, fear සහ acceptance ගැන කතාවක්. Slow story එකක් කැමති, psychological movies වලට ආස අයට මේක හිතට වැටෙන movie එකක් වෙයි. Movie එක ඉවර වුණත්, කතාව ටික වෙලාවක් හිත ඇතුළේ ඉඳිවි.

Comments