EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Paddington 2 (2017) | සැණකෙළියේ නිදානය…

 

නම් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මේ පුංචි වලස් පැටියාට බොහොම දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා, නමුත් මිනිස්සුන්ගේ තියන කරුණාව, මනුස්සකම කියන ඒ හොඳ ගතිගුණ ලෝකයට කියාපාන හරිම ලස්සන බොහොම බ්‍රිතාන්‍ය පන්නයේ චිත්‍රපටයක් වුන ඒ කතාව බලන්න වෙලාවක් යොදාගන්න ඔබට පාඩුවක් නම් වෙන්න නැහැ සහතිකයි. හැබැයි ඒ කතාව බැලුවේ නැහැ කියලා ලොකු අඩුපාඩුවක් නැහැ දෙවැනි කතාව බලන්න…

මෙදා සැරේ පැඩින්ටන්ගේ වික්‍රමය ගෙතිලා තියෙන්නේ නිදානයක් වටේ, හැබැයි ඉතින් මේ පුංචි අහිංසකයා හොයාගෙන ගිය නිදානයක් නැහැ. එයාට ඕන කරන්නේ ලන්ඩන් නගරයේ ලස්සන රූප තියන “pop-up book” එකක් නැත්නම් චංචල රූ පොතක් පේරු රාජ්‍ය ඉන්න තමුන්ගේ ලූසී නැන්දා වෙත යවන්න. ඔය පොතේ තියනවා නිදානයක් හොයාගන්න ඉගිවගයක් පැඩින්ටන් මේක ගන්න සල්ලි එකතු කරන්න රස්සාවක් පවා හොයා ගන්නවා හැබැයි මේ නිදානය ගැන දන්නා හොරෙන් කෙටි මාර්ගයක් යොදාගෙන පොත තමුන් සතු කරගන්නවා විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් පැඩින්ටන් හිරේ විලංගුවේ වැටෙන්න පවා වැඩ සිද්ධ කරනවා. ඉතින් කතාව ගෙතිලා තියෙන්නේ පැඩින්ටන් හිරේ යහළුවන් එකතු කරගන්නා හැටි, බ්‍රවුන් පවුල හා එක්කාසු වෙලා තමුන්ගේ නම බේරා ගන්න හදන හැටි වගේම, නියම හොරා දැලේ දාගන්න හැටි කියන සිදුවීම් සතුදාය කරුණු කොට ගෙන… ඒ දේවල් කොහොමද සිද්ධ වෙන්න කියලා ඔබට බලාගන්න පුළුවන් එහෙනම්…

අවසාන වශයෙන් ආයේ කියන්න ඕන මේක 2017 වසරේ සිනමා නිර්මාණවලින් මම දැක්ක බොහොම අගේ ඇති කතාවක්, හැම මොහොතකම මුහුණේ සිනහවක් ඇති කරන්න මේ ආදරබර කතාව සමත්කම් පානවා විතරක් නෙමෙයි ඒ එකක්ම ලස්සන පණිවුඩයක් සමාජයට ගෙන්න මේ කතාව වෙර දරනවා… හැබැයි මේ ඔක්කොම අරගෙන එන්නේ ලස්සන අභිරහසක්එ හැටියට. ඔබ ඇනිමේෂන්හෙ රසිකයෙක්න නම්ම්, හොඳ හාස්‍යෝත්පාදක කතාවක් බලන්න කැමති කෙනෙක් නම් මෙය ඔබට අගේ ඇති සලරුවක් වේවි.

Comments

April 18, 2025

nice thanks💗💗💗💗💗