EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePainkili (2025) | වේදනා නාශක!
ෆිල්ම් එක ගැන කිව්වොත්නම් මේක පට්ට ආතල් ෆිල්ම් එකක්. කොමඩි රොමෑන්ස් ෆිල්ම් බලන්න කැමති අය බලන්නම ඕන ෆිල්ම් එකක් මේක. ඉතින් ඔයාලටත් බලන්න කියල ආරාධනා කරන ගමන්,
සුපුරුදු විදියට මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ ස්‍රිජීත් බාබු විසින්. ප්‍රධාන චරිතෙ රගදක්වන්නේ අපි කවුරුත් දන්න සජින් ගෝපු, ( සුකූ සුජිත්කුමාර් ලෙස). ඉතින් මේකෙ ප්‍රධාන නිළිය විදියට රන්ගනයෙන් දායක වෙන්නේ අනස්වරා රාජන්. ( ශීබා බේබී ). ඉතින් අනස්වරා රාජන්ගේ අවසානෙට නිකුත් වුන රේකාචිත්‍රම් ෆිල්ම් එක බලන්න ඇති කියල හිතනවා. බලල නැත්තන් ඒකත් බලන්න කියල ආරාධනා කරනවා. ඉතින් තව මේ ෆිල්ම් එකේ, ජිස්මා විමල්, අබු සලිම්, චන්දු සලම්කුමාර්, රොශාන් ෂනවාස්, වගේ නළු නිළියන් රැසක් රන්ගනයෙන් දායක වෙනවා.
ඉතින් කතාව පැත්තට ගියොත්, සුකූ සුජිත්කුමාර් කියන්නේ ප්‍රින්ට් අවුට් කඩයක් කරගෙන යන කොල්ලෙක්. මෙයාගෙ හොදම යාළුවෝ දෙන්න එක්ක තමයි කරගෙන යන්නේ. හදිස්සියේම මේ කඩේට අවශ්‍ය බඩු වගයක් ගේන්න සුකූට යන්න වෙනව තමිල්නාඩු වලට. මෙහෙදි සුකූ අතින් කෙනෙක්ව ඝාතනයට ලක් වෙනවා. වැරදීමකින් තමයි වෙන්නේ. මීට එහා මොනවත් කියන්න බෑ ඔයාලම බලල දැනගන්නකෝ, කලින් කිව්ව වගේම මේක කොමඩි රොමෑන්ස් ෆිල්ම් එකක්.










