EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pani (2024) | අළුත් ඩොන් කෙනෙක්

 

 

තවත් මලයාලම් ඇක්ෂන් ත්‍රිලර් එකක්.ජෝජු ජෝජ් කියන විශිෂ්ඨ මලයාලි නළුව පහු ගිය දවස් වල වැඩිය දකින්න ලබුනෙ නෑ. මෙන්න එයා එයාගෙම චිත්‍රපටයක් ලියල අධ්‍යක්ෂනය කරනවා. ඉතිං මේ වෙන කොට කෝටි 38ක ආදායමක් මේක හොයල තියෙනවා. එයා වැඩියම ඉන්නෙ එක්කො පොලිස් චරිත නැත්තම් මැර චරිත වලනේ. ඔන්න මේකෙත් එයා එන්නෙ අන්තිම සාධාරණ මැර චරිතෙකින්.

ත්‍රීසූර් නගරයෙ පාතාලයේ අණසක පතුරවා ගෙන ඉන්න මැර කණ්ඩායමකුයි ඊට අභියෝගයක් වෙමින් පාතාලයට අළුතින් එකතු වෙන තරුණයො දෙදෙනෙකුයි අතර තමයි මේ බිහිසුණු කතාව නිර් මාණය වෙන්නෙ. ඉතා සුළු සිද්ධියකින් ඇති වෙන එදිරි වාද කමක් මහ විනාශයක් බවට පත් වෙන හැටි මේකෙ බලන්න පුළුවන්.

දිගින් දිගටම මලයාලි චිත්‍රපට එන්න පටන් අරන් ඒ නිසා වැඩ වැඩි වෙයි. වැඩි විස්තර නැතිව මම නවතින්නම්. ඈන් තෝමස්, සාගර් සූර්‍යා, බොබී කූරියන් වගේ නලු නිළියො තමයි මේකෙ රඟ පාන්නෙ.

Comments

January 19, 2025

❤️👍