EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pathu Maasam (2025) | “ දස මාසේ උරේකත්වා… ”

අද අපි අරගෙන එන්නෙ තවත් මේ අවුරුද්දෙ නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , කම්මැලි ඇති කියලා අතෑරලා දාලා තිබ්බත් නිකමට බලද්දි හොඳ ආතල් එකක් තිබ්බ හින්දා අපි මේක තෝරගත්තා , නිතර දැකලා පුරුදු නලු නිලියො නැතත් හැමෝගෙම රඟපෑම්නම් හොදට තිබ්බා

කතාව පැත්තට ගියොත් මැතිවරණයක් එක්ක යන කතාවක් මේක , ප්‍රසිදා කියන්නෙ දරුවෙකුත් ඉන්න තව දරුවෙකුත් හම්බවෙන්න ඉන්න ගෑණු කෙනෙක් , දරුවෙක් හම්බෙන්න ඉන්නවා කියලා දැනගන්නත් කලින් මෙයා මහත්තයා එක්ක රණ්ඩු වෙලා එයාව ගෙදරින් එලවනවා , ඉතින් දරුවයි බඩගෙඩියයි එක්ක කුලි වැඩක් කරන් ජීවත් වෙන මෙයා ටිකක් දේශපාලනයට සම්බන්ධයි , ඔය අතරෙ මෙයාලගෙ කොට්ටාසෙ මැතිවරණයත් එනවා , හොඳ කතාවක් තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

Comments