CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePathu Thala (2023) | ඔලු දහය
Pathu Thala (ඔලු දහයක්) සිම්බු නොහෝත් සිලම්බරසන්ගේන් ලොකු බලාපොරොත්තුවක් එක්ක කවුරුත් බලාසිටි චිත්‍රපටිය කියල මේක හදුන්වන්න පුලුවම්. සිම්බු වගේම මේකේ ගෞතම් කාර්තිකුත් ප්‍රධාන චරිතය හොබවනවා. කියන්න ගියොත් සිම්බුට වඩා වැඩි අවස්ථාව ගෞතම්ටයි හිමිවෙන්නේ. ඒ වගේම දෙන්නම හොද සාධාරණයක් කරල තියෙනවා මේකට. ෆිල්ම් එකනම් තනිකරම මැර ලයිෆ් එකක්ම තමයි. ඒ වගේම මේක කන්නඩ චිත්‍රපටයක් වන Mufti එකේ රීමෙක් එකක් පොඩි පොඩි වෙනස්කම් එක්ක අරගෙන තියෙනවා. පත්තුතල කියන්නේ හිස් දහයක්. හිස් දහයක් තියෙන්නේ අපේ රාවනට නේ. මේකේ සිම්බුගේ නම ඒ. ජී. රාවනන් (ඒ ජී ආර්) . ඒ වගේම ප්‍රධාන විලන් චරිතය පුරුදු පරිදි Gautham Vasudev Menon සුපිරියටම දෙබස්වලින්ම වැඩේ කරල දානවා. හොද අධ්‍යක්ෂක කෙනෙක් ඒ වගේම දැන් දැන් එයා ඔප්පු කරනවා දමිළ සිනමාවට රඝුවරන් ටයිප් එකට විලන් කෙනෙක් ලැබෙන්න ඉන්නවා කියන එක.
අධ්‍යක්ෂණය Obeli N. Krishna විසිනුත් කැමරාකරණය Farook J. Basha විසින්ද . සංස්කරණය Praveen K. L. විසින්ද සංගීතය A. R. Rahman විසින්ද සපයා ඇත.
හරි කතාව ගැන බලමු.
කතාවේ තේමාව. බෙහෙත් මාෆියාව තමයි. බෙහෙත් ගෙන්නන එකේ ඉදල එන්නත් කරනය දක්වා ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් පවතින මාෆියාව කොහෝමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි. මේකේ තොරගෙන තියෙන්නේ එන්නතක් . ඒකට අනුමැතිය හා ඒ එන්නතෙන් ලැබෙන ප්‍රතිඵල ගැන වෙන ඝට්ඨණය.











