EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Peter Five Eight (2024) | “සෑම්”

 

සෑම් කියන්නේ අතීතයේ කළ වැරදි නිසා විඳවන කාන්තාවක්…පොඩි ගම්බද නගරයක ජිවත් වන සෑම් තමන්ගේ බීමත් රැකියාවක් නැති සැමියා සමඟ නිතරම රණ්ඩු වෙනවා….සෑම් කියන්නෙත් බිමත්කමින් කාලය ගත කරන කෙනෙක් උනත් ඇය දේපළ වෙළඳාම සිය රැකියාව කරගත් කාන්තාවක්…

සෑම් ජිවත් වන නගරයට පීටර් නමැති පුද්ගලයෙක් පැමිණෙනවා…මොහු සෑම් ගැන තොරතුරු සොයමින් නගරයේ සැරිසරනවා…සෑම්ගේ නිවස ඉදිරිපිට නිවස මිල දී ගෙන ඇය ගැන ඔත්තු බලන්න ගන්නවා..සෑම්ගැන තොරතුරු දැනගැනීමට අවශ්‍ය නිසා ඇයගේ මිතුරියක් වන බ්‍රෙන්ඩා සමඟ බොරු හිතවත් කමක් ඇති කරගැනීමට පීටර්ට හැකිවෙනවා..දින කිහිපයක ඉඳන්ම සෑම්ගේ පසුපස යමින් ඇයව බියට පත් කරන පීටර්, දිනක් ඇයගේ නිවසටම යනවා…සෑම්ගේ අතීතය වමාරමින් පීටර් ඇයව මානසිකව දුර්වල කිරීමට උත්සහා කරනවා…

පීටර් මේ නගරයට ඇවිත් තියෙන්නේ සෑම් අතීතයේ කරපු වැරැද්දකට පළිගන්නයි…ඇයගෙන් පළිගැනීමට පීටර්ව යොදවන්නේ නගරෙන් පිට ධනවත් පුද්ගලයෙක්….සෑම් නිසා ඔහුට අහිමි උන ආදරවන්තිය වෙනුවෙන් පළිගන්න අවශ්‍ය නිසා සෑම්ගේ ආදරණියන් විනාශ කිරීමේ රාජකාරිය තමයි පීටර් කරන්නේ….

අතීතයේ සිදු කළ යම්දෙයක් නිසා මුළු ජිවිත කාලෙම බොරු ගොඩාක් මැද්දේ මානසික ආතතියක ජිවත් උන සෑම්ට අවසානයේ කුමක් සිදු වේවිද ?

Comments