EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePhilip’s (2023) | ප්‍රශ්ණ නැත්තෙ කාටද?
මලයාලි රසිකයින්ට සුපුරුදු පරිදි නව වසර ආරම්භ උනේ ටිකක් කම්මැලි ඒකාකාරී ලෙස. 2023 නිකුත් කරපු චිත්‍රපට කිහිපයක OTT release උනත් ලොකු විශේෂයක් තිබුනෙ නෑ චිත්‍රපට එකක් දෙකක් හැරෙන්න. ඒ ගොඩේ තිබුන තවත් ඉතා සංවේදී පවුල් කතාවක් තමයි පිලිප්ස්.කොහොමත් මලයාලි සංවේදී එහෙත් සරල පවුලක් වටා ගෙතුනු කතන්දර කියන්න දක්ෂයෝ. මේකත් ඒ වගේ තමයි.
Philip’s (2023) Sinhala Subtitles
කොහොම උනත් මලයාලි සිනමාව මේ වෙනකොට බොහොම උණුසුම්.ජනවාරි අග භාගයේ පටන් ගත්ත බොක්ස් ඔෆිස් පෙරහැර දිගටම යනවා. එකිනෙකට නොපරදින චිත්‍ර පට රාශියක් අති සාර්ථකව සිනමා හල් වල ප්‍රදර්ශණය වෙනවා ළඟදීම ඔබටත් මේව OTT වල release වේවි. ඒ කියන්නෙ මලයාලි රසිකයින්ට මේ වසර ගොඩක් සුභ වෙයි වගේ ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටත් එක්ක බැලුවම.
Philip’s (2023) Sinhala Subtitles
මේ වෙනකොට Imdb 7.1 දක්වන මේ කතාවත් සමහර විට ඔබේ කතාවම විය හැකි තරමට සමීප වේවි. මුකේශ්, නවානි දේව්නන්ද්,නෝබෙල් බාබු තෝමස් , ළමා නිළි ක්වීන් විබින් සමග සම්මානනීය ප්‍රවීණ නළුවකු සහ දේශපාලඥයෙකු වන මෑතකදී මිය ගිය ඉනසන්ට් මෙහි රඟපානවා. මානි අංකල් ලෙස මෙහි රඟ පෑම ඔහුගේ අවසන් රඟපෑමයි.
Philip’s (2023) Sinhala Subtitles
මව මිය ගිය පවුලක පියා , වැඩිමහල් සහෝදරයා, පාසල් වයසේ පසු වන සහෝදරියන් දෙදෙනා වටා ගෙතුනු ඔවුන්ගේ අපූරු සම්බන්ධතාව සහ නොසිතූ සිදු වීමක් ඔවුන්ගේ ජීවිත වලට ඇති කරන බලපෑම ගැන මේ සරල සුන්දර චිත්‍ර පටය නරඹන්න.අන්තිමට කියන්න තියෙන්නෙ චිත්‍ර පටියෙ දෙබසක් ගැටළු එන්න එන්නම පවුල අතර බැඳීම් වැඩි වෙනවා. මේ පවුලත් එහෙම තමයි.

