EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pisaasu (2014) | ආත්‍‍ම‍යක්‍ ‍වී ‍ආ‍වෙ‍මී.

චිත්‍රපටයේ නම “පිසාසු” ඒකේ තේරුම තමයි “යක්ෂයා” කියන එක ටිකක් බයයි වගේ නේ. චිත්‍රපටය ලියලා සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “මිස්කින්” විසින්. වර්තමානයේ දමිළ සිනමා කර්මාන්තයේ සිටින වෙනස් විදියේ අධ්‍යක්ෂක වරයෙක් හැටියටයි මොහුව හඳුන්වන්නේ. සිනමාව වෙනස් කෝණයකින් බලන කෙනෙක් තමයි මොහු. ඒ වගේම තාත්වික සිනමාවක් මොහුගේ චිත්‍රපට වලින් විදහාපානවා. එවැනි අයට ඉතින් වාණිජ මට්ටම් තර කරගන්න අමාරුයි, මොහුටත් එසේම වුණා, අසාර්ථකවීම්, ලාබ නොලැබීම් තුලින් ඒවා ජයගෙන ඉදිරියට එමින් සිටින කෙනෙක් හැටියට මොහුව සලකන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නෙත් වර්තමාන දමිළ සිනමාව වෙනස් අන්දමින් දකින අධ්‍යක්ෂකවරයෙක් වන “බාලා” විසින්. නවක නළු නිළියන් පිරිසක් තමයි මෙහි රංගනයේ යෙදෙන්නේ. තව දෙයක් “මිස්කින්” ගේ චිත්‍රපටවල චරිත වලට නම් යෙදීම ගොඩක් අඩුයි. ඒ බව මේ චිත්‍රපටයෙනුත් ඔයාලට බලාගන්න පුළුවන්.

මෙහි කතාව ගලාගෙන යන්නේ මෙහෙමෙයි, “සිද්ධාර්ත්” කියන්නේ වයලීන් වාදකයෙක්. නගරයට ඇවිත් කුලී නවසක පදිංචිව තම රැකියාව වන වයලින් වාදන වෘත්තියේ යෙදෙනවා. දවසක් පාරක රිය අනතුරක් සිදුවෙනවා එයට ලක්වෙන්නේ තරුණ ගැහැණු ළමයෙක්. ඇයව බේරගන්න රෝහලට ඇතුලත් කළත් ඇය මිය යනවා. පසුව ටික දවසකට පස්සේ එම ගැහැණු ළමයගේ ආත්මය මොහුගේ නිවස තුල රැදී සිටින බව දැනගන්න ලැබෙණවා. පස්සේ මොහු මිතුරන් සමඟ එක්ව මේ ආත්මය නිවසින් එලවා දමන්න උත්සාහ කරනවා. එහෙත් මොවුන්ට එය සිදු කිරීමට හැකි වෙයිද? එම ආත්මය නිවස තුලට පැමිණියේ ඇයි? ඇය අනතුරට පත්කළ පුද්ගලයාව මරන්න ඕනේ කියා වේදනාවෙනුත්, දුකෙනුත්, තරහෙනුත් සි

Comments