CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2348 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Pixels (2015) with Sinhala Subtitles

Pixels (2015) with Sinhala Subtitles

Jul. 16, 2015United States105 Min.
Your rating: 0
10 3 votes
Pixels (2015) with Sinhala Subtitles |ගේම් පිස්සුව.[සිංහල උපසිරසි සමඟ]

Pixels (2015) with Sinhala Sub
Pixels (2015) with Sinhala Subtitle
Pixels (2015) with Sinhala Subtitles

මේ ෆිල්ම් එක ජූලි 24 වැනිදා ඇමරිකාවේදී මුලින්ම තිරගත වුණා. මේ ගැන කිව්වොත් චිත්‍රපටි චරිත වගේම සාමාන්‍ය ජීවිතේ සැබෑ චරිත පවා හුඟක් අරං තියනව. ඒ අතර Serena Willams, Martha Stewart වගේ අයත් ඉන්නව. මීට අමතරව ප්‍රධාන චරිත කිහිපයක් තියනව Adam Sandler(බ්‍රෙනර්), Kevin James(කූපර්, ජනාධිපති), Michelle Monaghan(වයලට් වෑන් පැටන්), Peter Dinklage(එඩී), Josh Gad(ලුඩ්ලෝ). ඒ අතරෙ මේ වෙද්දි IMDB අගය 5.6 ක් අරං තියන SONY සමාගමේ Action, Comedy, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ මුල ඉඳන් අග වෙනකං කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. මම දැන් චිත්‍රපටි කථාව ගැන කියන්නම්.

1982 දි NASA ආයතනය මඟින් යානයක් තියත් කරනව අභ්‍යවකාශයට. ඒ යානයේ අන්තර්ගත වෙන්නෙ පෘථිවියේ චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් එක්ක ප්‍රධාන වශයෙන් ගේම් සම්බන්ධ විස්තර. ඉතිං මේ යානය එක් ග්‍රහලෝකෙකට ළඟා වෙනව. එයාල ඒක දකින්නෙ පෘථිවි වැසියන් විසින් එයාලට කරපු තර්ජනයක් විදිහට. ඒ නිසා එයාල පෘථිවි වැසියන්ව ආක්‍රමණය කරන්න අර යානයේ තිබ්බ විස්තර වලට අනුව ගේම් වල හිටපු චරිත සැබෑ ජීවීන් ලෙස නිර්මාණය කරල පෘථිවියට එවනව. මේ අතරෙ මේ පුංචි පුංචි ක්‍රීඩා වල ලෝක ශූරයො වගේම දක්ෂයන් සෙට් එකක් තමයි බ්‍රෙනර්, එඩී, ලුඩ්ලෝ, කූපර් කියන්නෙ. මේ හතර දෙනාගෙන් බ්‍රෙනර් සහ එඩී දෙන්නම ඩොංකි කොංග් ගේම් එකේ ලෝක ශූරයො වෙනව. එකම ගේම් එකේ ලෝක ශූරයො දෙන්නෙක් ඉන්න බෑ. ඉන්න පුළුවන් එක්කෙනයි. ඇයි දෙන්නෙක්? හැබෑම වීරය කවුද? ඒවගේම මුලදී බලං යද්දි පොඩි කාලෙ ඉන්න ළමයි ලොකු වුණාම ජීවිතේ මොන මොන තැන් වල ඉදිද කියන්න බෑ. එහෙම කෙනෙක් තමයි කූපර්. ඇයි මම එහෙම කියන්නෙ? උඩ හරියෙදි මගෙ අතින් ඇයි කියල කිය වුණා හැබැයි. කොහොම හරි කට්ටිය ගොඩක් දේවල් වුණාට පස්සෙ ගේම් වලට බහිනව. පෘථිවියට ලැබෙන්නෙ lives 3යි. පොඩි කාලෙ ඒ ගේම් ගහපු අය නම් දන්නවනෙ lives ගැන. දිනන ග්‍රහලෝකයට අනිත් ග්‍රහලෝකෙ අයිති වෙනවා. පෘථිවියට දිනන්න පුළුවන් වෙයිද කියල මුල ඉඳන් අන්තිමට යනකං බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ. මේ අතරෙ වයලට් සහ බ්‍රෙනර් අතරෙ ආදර කතාවකුත් ගලාගෙන යනව. විනෝදෙන් බලන්න පුළුවන් ඉවරවෙනකන්.

කථාව ගැන කියද්දි මේකෙ තැන් කිහිපයකදි ඔයාලට මුණ ගැහෙනව ඇත්තටම පැක් මෑන් නිර්මාතෘ Toru Iwatani මහත්මයාව. හැබැයි චිත්‍රපටියෙ මෙයා වෙනුවට රඟපාන්නෙ Denis Akiyama. ඒ වුණත් ඇත්තම Toru Iwatani මහතා මේ ෆිල්ම් එකේ ආකේඩ් අලුත්වැඩියා කරන කෙනෙක් ලෙස පෙනී ඉන්නව. මෙයා සැබෑ චරිතය රඟ නොපාන්න හේතුව තමයි ඉංග්‍රීසි කථා කරන්න බැරි වීම. ඒ වගේම මේ කතාවෙ එක් එක් ගේම් වලට ලබාගෙන තියන ඉහලම ලකුණු පදනම් වෙලා තියෙන්නෙ සැබෑවටම ලබාගෙන තියන ලකුණු මත. පැක් මෑන් සඳහා ඉහලම ලකුණ 3,333,360ක් මුලින්ම ලබාගෙන තියෙන්නෙ Billy Mitchell විසින්, Centipede වලට 16,389,548ක් සැබෑ වාර්තාවට වඩා ලකුණක් වැඩි. ඒක ලබාගෙන තියෙන්නෙ Jim Schneider විසින්. ඊළඟට Donkey Kong සැබෑ වාර්තාවට වඩා ලකුණු සීයක් වැඩියෙන් 1,068,100ක් චිත්‍රපටියෙ පෙන්වන්නෙ. ඒක ලබාගෙන තියෙන්නෙ Hank Chien. මේ වගේ තව දේවල් නම් තියනව. එහෙනම් දැනට ඇතිනෙ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අචින්ත මදුමාල්” (Baiscopelk)
IMDb 5.6 /10 144,890 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Adam Sandler isSam Brenner
Sam Brenner
Kevin James isPresident Will Cooper
President Will Cooper
Michelle Monaghan isViolet Van Patten
Violet Van Patten
Peter Dinklage isEddie Plant
Eddie Plant
Josh Gad isLudlow Lamonsoff
Ludlow Lamonsoff
Sean Bean isCorporal Hill (SAS Officer)
Corporal Hill (SAS Officer)
Brian Cox isAdmiral Porter
Admiral Porter
Ashley Benson isLady Lisa
Lady Lisa
Dan Aykroyd is1982 Championship MC
1982 Championship MC
Jane Krakowski isCarolyn Cooper
Carolyn Cooper

Similar titles

Captain America: Brave New World (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brother of the Year (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sympathy for Mr. Vengeance (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oddity (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wandering Earth (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oppenheimer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pawn (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ready or Not (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mela (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
13 Hours (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kumbalangi Nights (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published