EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Poltergeist (2015) |අදුරින් ආලෝකය වෙත යන්නට වෙහෙසන අදුරු ආත්මයන්ගේ කථාන්තරය.

මේ කථාව මෙන්න මේ විදිහටයි තියෙන්නේ. එක පවුලක් ගෙයක් හොයමින් යනවා. ඒ පවුලේ තාත්තා , අම්මා, දුව, පුතා, දුව විදිහටයි වයස් පිළිවෙලට ඉන්නේ. ලොකුම අක්කා ටිකක් තරුණයි.  එයාල ආර්ථික තත්වයෙන් තරමක් පිරිහිලා ඉන්නේ. ඒත් මේ තාත්තා දරුවන්ගේ වගේම බිරිදගෙත් ඕනා එපාකම් සපුරනවා. ඔන්න ඉතිං මෙයාලට ගෙයක් හමුවෙනවා. ඒ ගෙදර කට්ටියගේම හිතට ඇල්ලුවත් ටික දවසකින් ඒ ගෙදර අමුත්තක් තියෙන වග මුලින්ම මේ ගෙදර එකම පිරිමි දරුවා ග්‍රිෆින්ට තේරුම් යනවා. එයා ඒක ගෙදර අයට කියන්න හැදවත් ගෙදර අය ඒක අහන්නෙ නෑ. දවසක් මෙයා දකිනවා මෙයාගේ නංගී මැඩිසන් ටීවී එක ලග කා එක්කදෝ කථා කරනවා. ඒත් කවුරුවත් එතන නෑ. ඒත් මෙයා ටීවී එකේ අත්දෙක තියාගෙනයි ඉන්නේ. එකපාරටම තවත් අත් ගොඩාක් ටීවී එකෙන් මතුවෙනවා. ග්‍රිෆින් පටාස් ගාලා ටීවී එකේ ප්ලග් එක ගලවනවා. ඒත් ටීවී එක ඔෆ් වෙන්නේ නෑ. සාලේ තියෙන ලයිට් එකපාරට නිවි නිවි දැල්වී කැරකෙන්න ගන්නවා.

ඔන්න මෙච්චරයි මම කියන්නේ. ඉතිරි ටික බලලම මොකද වෙන්නෙ කියල දැනගන්න. කාලෙකිං බලපු හොද ෆිල්ම් එකක්

Comments

October 30, 2024

❤️👍