EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePor Thozhil (2023) | “දාම ඝාතක”
මේකට තමිල්නාඩුවේ ලොකු ප්‍රචාරයක් ලැබුනා හරියට රාච්චසන් වහේ කියල. මට අනුවනම් තවත් රාට්චසන් එකක් කිසිම කෙනෙක්ට නිර්මාණය කරන්න බැ කියන එකයි. ඒ කොහෝම වුනත් මේකත් ඒ ලගින් යන එකක්. දෙකම ගමන් මග දෙකක යන ෆිල්ම් දෙකක්. මේක සුබ්‍රමනියම් භාරතිගේ Puthiya Aathi Chuvadi කියන කාව්‍යයානුභාවයෙන් සිනමාවට නගන ලද්දක් කියල කියනවා.
මේකට සරත්කුමාර් එක්ක අශෝක් සෙල්වන් ප්‍රධානතම චරිතයට එක් වෙනවා. අශෝක් සෙල්වන්නම් පොඩ්ඩක් කැපිල පේන චරිතයක් කරනවා මේකේ. කොහෝම වුනත් ඕනෙම චරිතයකට හොද සාධාරනයක් කරන කෙනෙක් අශෝක්. අශෝක් සරත් එක්ක එකතුවෙනවා නිකිලා විමල්. අධ්‍යක්ෂණයනම් විග්නේෂ් රාජා කතාව විග්නේෂ් රාජා එක්ක ඇල්ෆ්‍රඩ් ප්‍රකාෂ්. කැමරාකරණය කලයිසෙල්වන් සිවාජි. සංස්කරණය ශ්‍රීජිත් සාරං . සංගීතය ජැකීස් බිජෝයි විසින් සපයල තියෙනවා . නමුත් මේකේ සින්දුනම් නෑ හරිද .
කතාව ටිකක් බැලුවනම්:
ඇත්තටම මේ වගේ ෆිල්ම් එකක කතාව කියාන එක හරි නෑ. නමුත් ආරම්භය කියන්නම්. දාම මිනිමැරුමක් හොයන් යන පොලිස් නවකයෙක් හා ජේෂ්ඨයෙක් . දාම ඝාතකයාව අල්ලගන්නවා නමුත් දෙන්නට හොයන මිනිමරුවම හම්බවෙනවද ? ඕං එහෙනම් බලන්නකෝ .






