EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Predator: Badlands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Dan Trachtenberg, Joshua Watkins, Richard Cowan
Country:United States of America
Year:2025
Subtitle By: Predator: Badlands (Baiscopelk)
Country: United States
Cast
Go Full Cast PageFirst hunt. Last chance.
Predator: Badlands කියන්නේ පරණ Predator චිත්‍රපට මාලාවට අලුත් හුස්මක් දුන්න චිත්‍රපටයක් කියලා කිව්වොත් අතිශයෝක්තියක් නෙවෙයි. 2025 දී ප්‍රේක්ෂකයන් අතරට ආ මේ චිත්‍රපටය, මෙතෙක් අපි දැකපු Predator කතා වලට වඩා වෙනස් මාවතක් තෝරාගෙන තියෙන එකයි මෙහි විශේෂත්වය.මෙවර කතාව මිනිසුන්ට වඩා Predator (Yautja) ජාතියට ලඟා වෙලා තියෙනවා. ඩේක් කියන තරුණ Predator චරිතය ඔහුගේ ජාතිය තුළම සිදුවන අභියෝග, සටන් සහ විශ්වාසයන් මැද තමන්ගේ අගය ඔප්පු කරන්න කරන ගමන තමයි චිත්‍රපටයේ මූලික රේඛාව. මේ අතර මිනිස් චරිතයක් ලෙස Elle Fanning රඟපාන චරිතයත්, කතාවට වෙනස්ම ආකාරයක කෝණයකින් යෞට්ජා සහ මිනිසුන් අතර සම්බන්ධය හෙළිදරව් කරනවා.
පෙර සිනමාපට අපි දැකලා පුරුදු යෞට්ජාලා එක්ක බලන කොටනම් සමහරෙක්ට හිතෙන්න පුළුවන් මේ පාර ඉන්න predator මොකෙක්ද කියලා. කලින් කතාවල විලෝපිකයෙක් විදිහට මිනිසුන්ව ඝාතනය කරන අයවනේ අපි දැකලා තියෙන්නෙ. ඔවුන් එලෙස දඩයමේ යන්නෙ ඇයි යන පසුබිම සහ ඔවුන්ගෙ කෝණයෙන් මෙවර සිනමාපටය දිග ඇරෙනවා. එහෙමයි කියලා ඉතින් වැඩිය කියවිලි අනම්මනම් නෑ වෙනදා වගේම ක්‍රියාදාමවලින් සමන්විතයි.
1987 දී Arnold Schwarzenegger රඟපාපු Predator චිත්‍රපටයෙන් ආරම්භ වූ මේ සිනමාපට මාලාව,
• Predator 2 (1990)
• Predators (2010)
• The Predator (2018)
• Prey (2022)
වගේ කොටස් හරහා දිගහැරුණා.
පෙර සිනමාපට බලලා නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. හැබැයි ඉතින් තාමත් ඔයා ඒවා නරඹලා නැත්නම් බලන්න. ඒ නැතත් ඉතින් ඒක මේ සිනමාපටය බලන්න කිසිම ගැටළුවක් නෑ. මොකද එකිනෙක සම්බන්ධයක් නොමැති නිසා.
එහෙමනම් හැම දෙනාටම සිනමාපටය බලන්න ආරාධනා කරනවා.











