CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Predator: Badlands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Dan Trachtenberg, Joshua Watkins, Richard Cowan
Country:United States of America
Year:2025
Subtitle By: සුපුන් සදීප (Cinerulk )
Country: United States,
Cast
Go Full Cast PagePredator: Badlands (2025) | “කාලිස්ක් දඩයම”
මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Predator චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය, Predator: Badlands (2025). මේක නිකුත්වෙන්නේ මේ අවුරුද්දේ ආව Predator සම්බන්ධ දෙවෙනි චිත්‍රපටිය විදිහට.
ඔයාලට මතක ඇති Predator චිත්‍රපටි මාලාවේ මීට මාස කිහිපයකට කලින් නිකුත්වුණ Predator: Killer of Killers (2025) ඇනිමේෂන් චිත්‍රපටියත් මං අරගෙන ආවා.
හරි අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ සුපුරුදු විදිහට Dan Trachtenberg. රචනය Dan Trachtenberg සමඟින් Patrick Aison.
Sci-fi/Horror ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 47ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට දායකත්වය ලබාදෙන්නේ Elle Fanning, Dimitrius Schuster-Koloamatangi ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.
Predator: Badlands කියන්නේ වෙනස්ම විදියෙ චිත්‍රපටියක් මොකද කලින් චිත්‍රපටිවල ප්‍රධාන චරිතයට එරෙහිව වැඩකරන සතුරු චරිතය උන Predator මේකෙදි ප්‍රධාන චරිතය කරලා තියෙනවා. ඒ කියන්නෙ මේ වෙනකන් අපි Predator ගැන දැකපු කෝණය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මේකෙන්. Predator කියන චරිතය අපි මෙතෙක් දැකලා තියෙන්නෙ අනුකම්පා විරහිත දඩයක්කාරයෙක්, ප්‍රධාන චරිතයට පට්ටම අභියෝගයක් එල්ල කරන චරිතයක් විදියට මිසක් වීරයෙක් විදියට නෙමෙයි. ඉතින් Badlands වලින් අපි කලින් මිනිස්සුන්ගෙ කෝණයෙන් දැකපු Predator වෙනුවට ඩෙක් කියන තරුණ Predator කෙනෙක්ගෙ කෝණයෙන් කතාව බලාගන්න ලැබෙනවා.
චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.











