EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Prem Ratan Dhan Payo (2015) |ආදරය සෙනෙහසට රජකමත් යටයි.!

2015 වසරේ තිරගත වුන ෆිල්ම් අතරින් අදායම් වලින් දෙවැනි තැන තියන ෆිල්ම් එක තමයි මේ, පලවෙනි තැන තියෙන්නෙත් සල්මාන් ඛාන් ගේම බජරන්ගි බායිජාන් ෆිල්ම් එකම තමා, ඉන්දියාව තුල විතරක් කොටි 210 වගේ ආදායමක් සමගින් මුළු අදායම ඉන්දියානු කොටි 431 පමණ උපයාගන්න සමත් වෙලා තියනවා, මේ ෆිල්ම් එක රංගනයෙන් දායක වෙන්නේ, සල්මාන් ඛාන් සමගින් සෝනම් කපූර්, දිගින් දිගටම අසාර්ථක වෙමින් ආපු සෝනම් සල්මාන් ගේ පිහිටෙන් ඔන්න මේ පාර නම් ගොඩ ගියා.

මුළු පවුලටම එකට නැරබිය හැකි වර්ගයේ ෆිල්ම් එකක් නිසාම වෙන්නත් ඕනේ මේ ෆිල්ම් එක මෙච්චර සාර්ථක උනෙත්,එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම් නේද..? කථාව ගැන පොඩ්ඩක් කිවොත් විජය සිං කියන්නේ ප්‍රිතම්පූර් වල යුවරජු. ඔහු විවහා ගිවිසගෙන ඉන්නේ මෛතලි කුමාරිකාවත් එක්ක, යුවරජ විජය සිං ගේ රාජාභිෂේකයට දින හතරකට කලින් රජුට අනතුරක් වෙනවා, අනතුරක් කියන්නේ ඔහුව ඝාතනය කරන්න උත්සහ කරනවා, නමුත් එයින් බේරෙන යුවරජු දැඩි ලෙසට තුවාල ලබනවා, ඔහුගේ ජනතාවට ඔහුව අවැසිම මොහොතේ යුවරජුන් අතුරුදහං වෙලා කියන අඩුව නොදැනෙන්න මාලිගයේ ප්‍රධාන සේවක දිවාන් සහබ් සහ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි සංජය සැලසුමක් ගහනවා, අන්න එතනදී තමා එන්නේ “ප්‍රේම් දිල්වලා” ප්‍රේම් කියන්නේ මෛතලි කුමාරිය මත්තේ නැහෙන පොරක්, නාට්‍ය කරුවෙක්, මෛතලි කුමරියව හම්බ වෙන අදහසින් ප්‍රිතම්පූර් වලට යන ප්‍රේම් දිල්වාලේ ව අහම්බෙන් සංජය දකිනවා,
ඔහු පුදම වෙන දර්ශනය වෙන්නේ, යුවරජ විජය සිං සහ ප්‍රේම් එකම වගේ නිසා…..එතනින් එහා ඔයාලා බලන්නකෝ..

කවුද යුවරජුව මරන්න උත්සහ කරන්නේ..? දිවාන් සහබ් ගේ සැලසුම මොකක්ද..? යුවරජුට ඔටුනු පළදින්න හැකි වෙයිද..??

Comments