EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePrince (2022) | කුමරියකට පෙම්බැන්ද කුමරා
අද හදිසියේම අන්තර්ජාලයට එක් වුනු අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි අපි වෙබ් අඩවියට ගොඩ වෙන්නෙ.ඉතින් මේ නිකුත් වෙලා තියෙන්නෙ HDRIP පිටපතක්.මේක දැන් ඉතින් ඔයාලට අලුත් දෙයක් නෙමේ නේද.මොකද දමිළ චිත්‍රපට වල අලුත්ම රැල්ල වෙලා තියෙන්නෙ දැන් අදාල ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙන් ස්ට්‍රීම් කරන්න කලින් මේ වගේ කොපියක් පිටවෙන එක.
හරි එහෙනම්.මේ Prince චිත්‍රපටය පහුගිය ඔක්තෝබර් 21 වෙනිදා තමා තිරගත කිරීම ආරම්භ කලේ.Anudeep KV ගෙ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන මෙය Drama | Romance | Comedy කාන්ඩයට අයත් චිත්‍රපටයක්.ඒ වගේම චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 46ක ආදායමක් ලබා ගන්න සමත් උනා.
චිත්‍රපටයේ රංගනයෙන් එක් වෙන්නෙ ජනප්‍රිය දමිළ නලු සිවකාර්තිකයාන් විසින්.දමිළ සිනමාවෙ ප්‍රින්ස් මේ පාර එයාගෙ ෆිල්ම් එකත් ප්‍රින්ස්.ඒ වගේම මෙවර ෆිල්ම් එකට සංගීතය සපයන්නෙ බොහොමයක් තෙලිඟු සිනමාවට සංගීතය සපයන දක්ෂයා Thaman S විසින්.එතකොට ප්‍රධාන නිලිය විදියට රංගනයෙන් එක් වෙන්නෙ Maria Ryaboshapka විසින්.ඉතින් ඇය තවම 25 හැවිදිරි වියේ පසුවන යුක්‍රේන් ජාතික නිලියක්.ඉතින් ලොකුම වෙනසක් තමයි ඒක.ප්‍රධාන නිලිය ඉන්දියානු නිලියක් නොවීම.ඒ වගේම දක්ෂ නලු සත්‍යරාජ් ද මෙහි රංගනයෙන් එක් වෙනවා.වර්තමානය වන විට දමිල සිනමාවේ රසික පරාසය පුලුල් කරගනිමින් අති සාර්ථක සිනමා ගමනක තමයි සිවකාර්තිකයාන් යෙදෙන්නෙ.ඉතින් මේ චිත්‍රපටය දමිල වගේම තෙලිඟු භාෂාවෙනුත් නිකුත් උනා.
හරි කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.
අන්බු කියන්නෙ ගමේ පාසලේ සමාජ විද්‍යා ගුරුවරයා.ඉතින් මෙයාගෙ තාත්ත විශ්‍රාම ලත් RDO කෙනෙක්.එයාට ගමෙ හැමෝම ගරු කරනව.ඉතින් එයා වගේ ඉදී කියන විශ්වාසෙට අන්බුව පාසලට ගුරුවරයෙක් විදියට ගත්තත් එයා කරන්නෙ ඉස්කෝලෙ වෙලාවෙ ෆිල්ම් බලන්න යන එක.ඔය අතරෙ ඉස්කෝලෙට අලුතින් එනව ජෙසිකා කියල ඉංග්‍රීසි ටීචර් කෙනෙක්.
ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල ඉතින් ඔයාලම බලන්න.හරි එහෙනම් අදට අපි සමුගන්නම් මේ අපූරු චිත්‍රපටය ඔයාලට ලබා දෙන ගමන් දිගටම රැදෙන්න අපේ වෙබ් අඩවිය එක්ක.
?මෙම ලබා දී ඇති පිටපත HDRip පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් WEB-DL පිටපතට වඩා ගුණාත්මක බැවින් තරමක් අඩුය. (කැමරා කොපි නොවේ )
ඉදිරියේදී වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ.
රැදී සිටින්න අප සමගම ?












