EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePuriyatha Puthir (2017) | වියරු ප්‍රේමය
Ranjit Jeyakodi ගේ අධ්‍යක්ෂණයෙන් Vijay Sethupathi හා Gayathrie යන අයගේ රංඟනයෙන් හැඩවු මේ චිත්‍රපටිය තිරඟත වුනේ 2017 සැප්තැම්බර් මස පළමුවනදායි. නමුත් මේ චිත්‍රපටිය නිශ්පාදනයට කරන ලද්දේ 2014 වසරේ. නමුත් ටිකෙන් ටික පමා වෙලා මේක 2017 වර්ෂයේ තමයි තිරඟත වුනේ. මේ චිත්‍රපටියේ මුලින්ම දාන්න ගිය නම වුනේ Mellisai නමුත් චිත්‍රපටිය පරක්කු විමත් එක්ක නමත් වෙනස් වුනා..
කතාව ගැන කිව්වොත් කදීර් ගේ පෙම්වතිය තමයි මීරා… මොවුන් දෙන්නා හමුවන ආකාරයත් හරිම සුන්දරයි. ඒක චිත්‍රපටිය බැලුවාම ඔයාලට බලන්න පුලුවන් වේවි. කොහොම හරි කඳිර් හා මීරා බොහෝම ආදරයෙන් ගත කරනවා. මෙහෙම ටික කාලයක් යද්දි කදීර් ගේ දුරකථනයට නොදන්නා නම්බර් එකකින් වට්ස් ඇප් පනිවිඩ එන්න පටන් ගන්නවා ඒ වෙන මොනාවත් නෙමෙයි තමන්ගේ පෙම්වතිය මිරා ඇදුම් සාප්පු වල ඇදුම් මාරු කරන දර්ශන…එයාගේ ගෙදරදි එයා නාද්දි ගත්ත විඩියෝ පට ඔහුගේ දුරකථනයට එන්න ගන්නවා. මෙය එක්තරා විදියක තර්ජනාත්මක පනිවිඩියක් නිසා කඳීර් හැම තැනින්ම මේ මැසේජ් එවන්නේ කවුද කියලා හොයලා බලනවා. බැරිම තැන මීරාටත් ඔහු මේ ගැන කියනවා. එකෙන් ඇයත් තැති ගන්නවා. ඒ එක්කම තවත් පුදුමාකර සිදුවිමක් වෙනවා කඳිර් ගේ එක් යාළුවෙක් සියදිවි නසාගන්නවා… තව යාළුවෙක් සිරබාරයට ගන්නවා. මේ සේරම කරන්නේ එකම කෙනෙක් බව කඳිර්ට තේරුම් යනවා. ඇත්තටම මේ දෙවල් කරන්නේ කවුද කාගේ උවමනාවටද කියලා බලාගන්න වෙන්නේ චිත්‍රපටියේ අවසානයේ තමයි.

