EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRaanjhanaa (2013) | නිම් හිම් නැති ප්‍රේමය…
ආනන්ද් රායිගේ අධ්‍යක්ෂණය සමඟින් A. R. රහමන්ගේ සංගීතයෙන් හැඩවුනු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Why This Kolavary ගීතයත් සමඟ ඉමහත් ජනාදරයට පත් දමිළ නළු “ධනුෂ්” සහ සුපිරි නිලි “සෝනම් කපූර්”.
චිත්‍රපටය ආරම්භ වන්නේ පාසල් ප්‍රේමයකින්. කුන්දන් සහ සෝයා යනු බනාරස් ගමේ ජීවත් වන සම වයසෙ වගේ ඉන්න ළමයි දෙන්නෙක්. කුන්දන් හුඟක් දුප්පත් හින්දු ළමයෙක්. සෝයා කියන්නෙ පෝසත් මුස්ලිම් පවුලක උගත් ගෑනු ළමයෙක්. මේ දෙන්නම පාසල් යන වයසේදි කුන්දන් සෝයාට ආදරේ කරන්න පටන් ගන්නව. කොහොම හරි කුන්දන් තමන්ගෙ ආදරේ ගැන සෝයාට පවසනව. එයට ප්‍රතිචාරයක් ලෙස ඔහුට ලැබෙන්නේ හොඳ කම්මුල් පාරක්. නමුත් ඔහු උත්සාහය අත් හරින්නෙ නැහැ. කෙසේ හෝ මේ සිද්දිය ගැන සෝයාගේ ගෙදරට ආරංචි වුනාම එයාව නගරෙන් පිටත් කරනව. ආයෙත් සෝයා ගමට එන්නෙ අවුරුදු 8කට පස්සෙ. නමුත් සෝයාට කුන්දන් ගැන හාංකවිසියක්වත් මතක නෑ. (ගෑනු ළමයින්ට කොහොමත් හැමදේම ඉක්මනට අමතක වෙනවනෙ) .. කුන්දන් තමන්ගෙ ආදරේ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරනවා. ඔහුගේ කැපකිරීමේ තරම හිතාගන්නවත් බැරි තරම්. නමුත් සෝයා ඒ දේවල් සතේකට මායිම් කරන්නෑ..
කුන්දන්ගේ ආදරය ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස්ම මගකට යොමු කරනවා. කොටින්ම කියනව නම් කුන්දන් කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රේමවන්තයෙක්. ඔහුගේ ප්‍රේමයේ තරම කොතෙක්ද කියල බලන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනව. මේ චිත්‍රපටයේ ආදර කතාව අනෙත් සාමාන්‍ය ආදර කතා වලට වඩා හුඟක් වෙනස්. ගැහැණු පිරිමි දෙපාර්ෂවට මේ චිත්‍රපටයෙන් ආදරය මෙන්ම ජීවිතය ගැනද ඉගන ගන්න හුඟක් දේවල් තියනව. කතාව නම් මම හුඟක් කෙටියෙන් කිව්වෙ. මොකද මේක හැමෝම බලලම රස විඳින්න ඕන චිත්‍රපටයක්.











