CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1538 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Raaz Reboot (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raaz Reboot (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 17, 2016India127 Min.
         
Your rating: 0
7 1 vote
Raaz Reboot (2016) | සැබෑ ආදරය සහ ප්‍රේත බැල්ම

“ෂයිනා, මං දන්නවා ඔයා මාව විශ්වාස කරන්නේ නෑ කියලා. ඒත් ඔයා මාව විශ්වාස කරන්න ඕන. මට ඔයාව බේරගන්න ඕන.”
“මට ඔයාගෙ උදව් ඕන නෑ”
“රෙහාන් වත් ඔයාව විශ්වාස කරන්නේ නෑ. ඔයා තනි වෙලා.”
“රෙහාන් මට ආදරෙයි, ඉක්මණින් හරි පරක්කු වෙලා හරි මං එයාට මාව විශ්වාස කරවනවා.”

ඉතිං කොහොමද කට්ටියටම? මුල්ම වතාවට ඔන්න මං ඔයාල වෙනුවෙන් හින්දි චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් ගේනවා. ඒ නිසා පොඩ්ඩක් වෙනස් විදිහකට, දෙබසකින්ම ලිපිය පටන් ගන්න ඕන කියල හිතුවා. මේ වෙනකොට මේක බලපු අය ඉන්නවා වෙන්නත් පුළුවන්. බයිස්කෝප් එකේ පහු ගිය දවස් වල උපසිරැසි වැඩ ටිකක් විතර හිර වෙලා තියන නිසා ඔයාල විකල්ප වලට ගියාද දන්නෙත් නෑ. මොනා උනත් ඔන්න කොහොම හරි මං මගේ වැඩේ ඉවර කරලා ඔයාල වෙනුවෙන් මේක අලුත් අවුරුද්දට කලින් දෙනවා මගේ අවුරුදු තෑග්ග විදිහට.

චිත්‍රපටය ගැන ඉතිං අමුතුවෙන් අටුවාටිකා ඕන නෑනේ. මේ කතාව නොදන්නා කෙනෙක් නැති තරම්. මීට කලින් ආපු කොටස් 3 ඔයාල හැමෝම වගේ බලලා ඇති. මේක තමයි 4 වෙනි දිගහැරුම. කතාව ගැන වැඩිය නොකියා චුට්ටක් කියන්නම්කෝ. කතාවේ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ආධිත්‍ය (Emraan Hashmi), ෂයිනා (Kriti Kharbanda) සහ රෙහාන් (Gaurav Arora). රෙහාන් මුම්බායි වල බැංකුවක පොඩි රස්සාවක් කර කර ඉද්දී එයාට රොමේනියාවට යන්න අවස්ථාවක් ලැබෙනවා ඊට වඩා සැහෙන්න හොඳ රස්සාවක් කරන්න. මේකට රෙහාන් ගෙ නෝනා, ෂයිනාත් ගොඩක් කැමති වෙනවා. ඉතිං දෙන්නම ඉන්දියාවේ ඉඳලා රොමේනියාවට යනවා අලුත් ජීවිතයක් ගත කරන්න.

ජීවිතේ කොච්චර අලුත් වෙනවද කිව්වොත් රට ගියාට පස්සේ දෙන්නම වෙනස් වෙනවා. හැමදාම වගේ රණ්ඩු, ප්‍රශ්න. රෙහාන් ගෙ කාර්යබහුල ජීවිතයත් එක්ක තනිවෙන ෂයිනා, එයාල පදිංචි වෙලා ඉන්න ගෙදර අවතාරයක් දකින්නත් පටන් ගන්නවා. මේ කිසිම දෙයක් පිළිගන්නේ නැති රෙහාන් ෂයිනාගෙ ආදරය මග අරින්න පටන් ගද්දී ෂයිනාට ලං වෙන්නේ එයාගෙ හිටපු පෙම්වතා (ස්වාමිපුරුෂයා කිව්වොත් වඩා හරි) ආධිත්‍ය. ෂයිනා ආධිත්‍යව ප්‍රතික්ෂේප කරන්න උත්සහ කලත් කාලයත් එක්ක ආපහු ආධිත්‍යට ලං වෙන්නේ තමන්ටත් නොදැනීමයි.

ආධිත්‍ය අවතාර ගැන කියන කතා ෂයිනා එකෙන්ම පිළිගන්නවා. අන්තිමේදී මේ නිසා රෙහාන් එක්ක ගෙවන පවුල් ජීවිතයටත් කන කොකා හඬලන්න පටන් ගන්නවා. ෂයිනාට අවතාරය වැහිලා ජීවිතයම අපායක් වෙනවා. ෂයිනාට වැහෙන අවතාරය කාගේද? රෙහාන් ෂයිනාගේ ආදරය මග අරින්නේ ඇයි? රෙහාන් ෂයිනාගෙන් හංගන්නේ මොනාද? මේ ඔක්කොටම උත්තර කතාව ඇතුළෙම තියනවා.IMDb අගය 4.6 ක් වෙන මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vikram Bhatt. Raaz 3 කලෙත් මෙයාම තමයි. ගායනයෙන් Arijit Singh, K.K, Palak Muchchal & Papon සහ Jubin Nautiyal දායක වෙනවා. Raaz Reboot චිත්‍රපටයේ මුළු වියදම ඉන්දියානු රුපියල් මිලියන 310ක් වෙනවා. මේ කතාවේ පොඩි පොඩි සිප්පි කෑලි සීන් දෙක තුනක් තියනවා. ඒවා ඉතිං වැඩිහිටියන්ට පමණයි කියන්නත් බෑ (අපි ගහලා තියන කප් වල හැටියට). ඒ නිසා මං මේක වැඩිහිටියන්ට පමණයි කියන්න නම් එච්චර කැමති නෑ. අර සිප්පි කෑලි තනි ඇහෙන් බලන්නකෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමිකර විදානගේ (චාමි) (Baiscopelk)
IMDb 4.4 /10 2,254 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vikram Bhatt
Director

Cast

Emraan Hashmi isAditya Shrivastava
Aditya Shrivastava
Kriti Kharbanda isShaina Khanna
Shaina Khanna
Gaurav Arora isRehaan Khanna
Rehaan Khanna
Ashwath Bhatt isTrilok Shastri
Trilok Shastri

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published