EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Raid (2018) | සැබෑ වීරයකු වන්නට නිල ඇඳුමක් අත්‍යවශ්‍ය නොවේ..!

 

ඔබත් ජනතා සේවයට කැප වූ අයෙක්ද..?

බදු ගෙවීම පැහැර හැරියාද..?

ජනතාවගේ මුදල් සොරා ගත්තේද..?

ගෙදර බිත්ති ඇතුලෙ සල්ලි හංගල තියෙනවද..?

පඩි පේලි ඇතුලෙ රන් බඩු හංගල තියෙනවද..?

වතුර ටැංකිය ඇතුලෙත් රත්තරන් බඩුද හංගලද..?

සිවිලිම ඇතුලෙ රන් කාසි ගොඩ ගහල තියෙනවද..?

මිදුල පුරාම සල්ලි වලලලද..?

ස්විස් බැංකු ගිණුමක් තියෙනවද..?

එහෙනම් ටිකක් ප්‍රවේශම් වෙන්න. කවදා හරි දවසක මෙහෙම වැඩකුත් වෙන්න පුලුවන්..!

අමේයි පට්නායික් කියන්නෙ 80 දශකයේ ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ වැඩ කරපු දේශපාලන පලිගැනීම් වලට නිතර ලක් වුනු නිසාම වසර හතක් ඇතුලත හතලිස් නම වරක් ස්ථාන මාරුවීම් ලැබූ බොහොම අවංක නීතිගරුක නිලධාරියෙක්. දවසක් මෙයාට මනුස්සයෙක් ෆෝන් එකෙන් කතා කරල කියනවා සීතාගර් වල තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන රාමේශ්වර් සිං ගේ ගෙදර කළු සල්ලි හංගලා තියෙනවා කියලා. ඉතින් අමේයි එයාගෙ කණ්ඩායමත් එක්ක ඒ ගෙදරට යනවා. කොච්චර හෙව්වත් මේගොල්ලන්ට මුකුත්ම ලැබෙන්නෙ නම් නෑ. ටික වෙලාවකට පස්සෙ අමේට අර ඔත්තුකාරයගෙන්ම ලියුමක් ලැබෙනවා සල්ලි හංගපු තැන් තියෙන සිතියමකුත් එක්කම.

ඔත්තුව ලැබුනු විදිහට ගෙදර හංගල තියෙන සල්ලි දවස් ගානක් පුරාවටම හොයන ආකාරය තමයි කතාව පුරාම දිවෙන්නෙ. 2018 මාර්තු මාසෙ 16 වෙනිදා තිරගත වීම ආරම්භ කල Action, Crime, Drama වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටිය 80 දශකයේ සිද්ද වුනු සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිපදවූවක්. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Aamir (2008), No One Killed Jessica (2011) චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Raj Kumar Gupta කියන අධ්‍යක්ෂකවරයා Ajay Devgan, Ileana D’Cruz, Saurabh Shukla, Saanand Verma, Sulagna Panigrahi ප්‍රධාන චරිත නිරූපනය කරනවා.

ආදායම් වාර්තා අතරින් පලමු වන දින කෝටි 10.04 ක ආදායමක් ලබනවා. දෙවෙනි දිනයේ කෝටි 23.90 ක ආදායම් ලබා ගන්නවා. දැනට ආදායම කෝටි 142.51 ක් ලෙසට සටහන් වෙනවා. මේ චිත්‍රපටිය විචාරකයින්ගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුනා.

සංගීත අධ්‍යක්ශනය Tanishk Bagchi සහ Amit Trivedi ගෙන්. ගීත රචනය Manoj Muntashir ගෙන්. ලස්සන සිංදු හතරකුත් මේ චිත්‍රපටියෙ තියෙනවා.

Comments

April 1, 2025

Tiyaan 2017 movie eka karanna ko