EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rajakili (2024) | “ ඉරණම ”

 

රාජාකිලි මේ චිත්‍රපටය තාත්තයි පුතයි එකතුවෙලා ගහපු ගේමක් වගේ. සාර්ථක කතාවක් අධ්‍යක්ෂණයක් ඒ වගේම විශිෂ්ට රංගනයක්.අධ්‍යක්ෂක උමාපති රාමයියා අපි හදුනන රංගන ශිල්පි තම්බි රාමයියගේ පුතා.

මේකේ කතාව ලිව්වේ තාත්තා තම්බි රාමයියා ඒක තිර රචනය කරල අධ්‍යක්ෂණය කළේ පුතා උමාපති රාමයියා. ඒකට රංගනයෙන් තම්බි රාමයියා එක්ක සමුද්‍රකනිත් එකතුවෙනවා. දමිළ සිනමාවේ නිහඩ විශිෂ්ටයින්. මේකේ නිෂ්පාදනය V හවුස් ප්‍රොඩක්ෂන් එකේ සුරේෂ් කාමාචි දායක වෙනවා. කැමරාකරණය කිදර්නාත් හා ගෝපිනාත්. පසුබිම් සංගීතය සායි දිනේශ්. ගීත සදහා සංගීතය තම්බි රාමයියා . සංස්කරණය ආර්. සුදර්ශන් විසින්.

මේ සමුර්දකනි හා තම්බි රාමයියා එක්වෙන 5වෙනි චිත්‍රපටය. මේ දෙන්නා එකතුවුන හැම චිත්‍රපටයක්ම ඉතා සාර්ථක ඒවා වුනා.

කතාව :

“යම් පුද්ගලයෙක් දෙවියන් වෙන්න හැදුවොත් එවිට දෙවියන් කෝප වෙනවා “

අපි ඔන තරම් ඉහළ තැනක සිටියත් අපේ ඉරනමට යටත්වෙන්න වෙනවමයි. ඒ ඉරනම අපිව අපටත් හොරා ඒ තැනට රැගෙන යනවා.

ජීවිතයේ අධ්‍යාපනයක් නැති කෙනෙක් ලොකු ධනවතෙක් වෙලා සුළු සුළු දේවල් නිසා ඇතිවන ප්‍රශ්න ගැටලු තමයි මේ චිත්‍රපටය අපට කියන්නේ.

අනිවාර්යයෙන් බලන්නම වටින චිත්‍රපටයක්. හොද ගලායෑමක් වගේම තම්බි රාමයියගේ විශිෂ්ට රංගනයක් සමුර්දකනිගෙන් හොද සහයක්. දෙන්නගේ විනොද්‍ය සිත්තම් එකට පස්සේ කරපු හොද වැඩක්.

Comments