EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRanarangam (2019) | බල අරගල
2019 අගෝස්තු 15 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Crime කියන කාණ්ඩයට. ප්‍රධාන චරිත වලට Sharwanand සමඟින් සුරූපී නිළි යුගලක් වන Kalyani Priyadarshan සහ Kajal Aggarwal රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ මේ වන විට 5.9 ක අගයක් මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබී තිබෙනවා.
කතාව ගැන බැලුවොත්, දේවා කියන්නේ ගමක කොලනියක ජීවත් වෙන තරුණයෙක්. කොලනියේ මිනිස්සුන්ටත් උදව් කරගෙන ඉන්න මෙයා ජීවත් වෙන්න කරන්නේ යාලුවොත් එක්ක එකතු වෙලා වැඩි ගානට චිත්‍රපටි වල ටිකට් විකුණන එක. මෙහෙම ජීවිතේ ගෙවෙනකොට ඒ ප්‍රාන්තයේ මත්පැන් විකිණීම බලධාරීන් විසින් තහනම් කරනවා. ඒක හොඳ ව්‍යාපාර අවස්තාවක් විදිහට දකින දේවා, වෙනත් ප්‍රාන්තෙකින් හොරට මත්පැන් ගෙනල්ලා විකුණන්න පටන් ගන්නවා. ඔය අතරේ බස් හෝල්ට් එකට එන හුරු බුහුටි කෙලි පොඩිත්තකටත් දේවාගේ හිත යනවා. ඒ කතාවත් එහෙම යද්දි බිස්නස් එකට ලොකු බාධකයක් එනවා. ඒ බාධකය දේවාගෙ ජීවිතේ උඩු යටිකුරු වෙන්න බලපානවා. ඉතින් ඒ බාධකය මොකක්ද? ඒකේ බලපෑම මොන වගේද? බස් හෝල්ට් එකේ දැක්ක ගෑණු ළමයගේ පල හිලව්වට මොකද වෙන්නේ?











