EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

දෙවෙනි යාමය

ආයූබෝවන් යාළුවනේ ඔන්න අද මලයාළම් සිනමා නිර්මාණයකට උපසිරැසි අරගෙනයි මම අද ආවේ
නමින් රෙන්ඩාම් යාමම් ලෙස හඳුන්වන මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙන්නේ 2025 පෙබරවාරි 28 වන දිනයි

පැය දෙකයි විනාඩි 18ක් පුරාවට දිගහැරෙන මේ කතාවේ කතාවස්තුව මම සාරාංශ කරලා ඔයාලට කියන්නම්

අපි සාමාන්‍යයෙන් ජීවිතයට එන ගැටළුවක් ජයගත්තට පස්සේ අපිට ජීවත් වෙන්න හරිම ලේසියි
ඉතින් මේ සිනමා නිර්මාණයෙන් අපිට කියන්නෙ අපි ගැටළුව හඳුනාගෙන එයට විරුද්ධව සටන් කරන්න ඕන කියලයි

මේකතාව පටන් ගන්නේ තාන්ත්‍රික විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් තියෙන ආශ්‍රමයක නිවුන් දරු උපතකිනුයි

මේ දරුවෝ දෙන්නගේ තාත්තා ජ්‍යෝතිශ්‍ය පිළිබඳ දැනුමක් තියෙන නිසා ඉපදෙනකොටම මේ දරුවන් දෙදෙනාගේ ඉරණම තීරණය කරනවා…ඉතින් එයින් එක් දරුවෙක් තමන්ගේ පරම්පරාවට ආදර්ශයක් වෙන අතරම තවත් දරුවෙක් තමාගේ මරණයට හේතු වන බව දැනගන්නවා…ඉතින් මේ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකුට වැඩි සැලකිල්ලකුත් අනික් දරුවව කොන් කරන්නත් මේ පියා සූදානම් වෙනවා

චිත්‍රපටයේ අනෙක් පැය තුළින්
සෝෆීයා කියන ගැහැණු ළමයෙක් ගමේ පිහිටලා තියෙන තමන්ගේ පාරම්පරික නිවසට පැමිණෙනවා .ඉතින් මේ ගැහැණු ළමයගේ ඔක්කොම කරදර පටන් ගන්නේ නයෙක්ගේ දෂ්ඨ කිරීමකින් …සෝෆියව හොඳ කරගන්න ආශ්‍රමයට අරගෙන ගියත් වෛද්‍යවරයා කියන්නේ ඇයව බේරගන්න බෑ කියලා …ඒත් පවුලේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන යෙධූ ඇයව බේරගන්නවා සෝෆියාව බේරගන්න එක තමාගේ වගකිම කරගත්තත් අනෙක් අතින් ඇයව මේ තරුණයා විසින් දූෂණයට ලක්කරනවා…මේ දූෂණය නිසා කම්පාවට පත්ව සිටින සෝෆියා ඔහුගෙන් පළිගනිමින් නිමවන කතාවක් තමයි මේ රෙන්ඩාම් යාමම් කියන්නේ ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේක නරඹන්න කියලා

Comments