EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක ලොකු අගයක් ගන්න Rathasaatchi කියන දෙමළ චිත්‍රපටයයි.

රජිනිකාන්ත්, විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වූ ලාල් සලාම් චිත්‍රපටයෙන් පස්සේ , තවත් කොමියුනිස්ට් ඉඟියක් සහිත දෙමළ චිත්‍රපටයක් වන Ratha Saatchi හී පළමූ මංගල දර්ශනය 2022 නොවැම්බර් 15 එළි දැක්වූවා. Ratha Saatchi කියන්නේ, ලේඛක B Jeyamohan ගේ Kaithigal හි චිත්‍රපට අනුවර්තනයක් වන අතර, චිත්‍රපටය Aha Tamil සහ Magizh Mandram එක්ව නිෂ්පාදනය කර ඇත.

Rafiq Ismail විසින් රචිත සහ අධ්‍යක්ෂණය කරන ලද Ratha Saatchi චිත්‍රපටයේ තාක්ෂණික කණ්ඩායම ලෙස, සංගීතය සඳහා Javed Riaz, කැමරාකරණය සඳහා Jagadeesh Ravi සහ සංස්කරණය සඳහා Prakash Karunanithi දායක වෙලා තියෙනවා .
Kanna Ravi, Harish Kumar, Elango Kumaravel, Kalyan Master, Madras Charles ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Ratha Saatchi චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ, ත්‍රිවිධ හමුදාව තුළ පවතින මනුෂ්‍යත්වය සහ එය පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට බලපාන ආකාරය පිළිබඳවයි.

කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…

Comments