
මම ඔයාලට අරන් ආවේ සුපිරිම ජපන් මාෂල් ආට් බයිස්කෝප් එකක්. සටන් ජවනිකා වලට කැමති අයට නං මේක නියමයි. පැය 1යි විනාඩි 55 ක් වන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.0 වගේ ඉහල අගයක්ල බාගෙන තියෙනවා. Rotten Tomatoes වල 40% වගේ අගයක් ලබාගෙන තියෙනවා. මේකේ ප්රධාන චරිතය හෙවත් ටෝශිරෝ ලෙස Tak Sakaguchi රගදක්වනවා. තව Yura Kondo සචි ලෙසටත්, Takumi Saitoh කෙන්ජි ලෙසටත් Orson Mochizuki මැක්ස් ලෙසටත් Yoshitaka Inagawa ඇබිස් වෝකර් ලෙසටත් makoto sakaguchi කැස්පර් ලෙසටත් රගදක්වනවා මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yûji Shimomura කියන අධ්‍යක්ෂකවරයා.
මේකේ කතාව ගැන කියනවනං, ටෝශිරෝ කියන්නේ කාලයක් සොල්දාදුවෙක් වෙලා හිටිය කෙනෙක්. දැන් ඔහු කුඩා වෙළදසලක් කරගෙන සචී නමැති දැරිය සමඟ නිහඬව ජීවත් වෙනවා. ටොෂීරෝ සැගවී පහරදීමෙ දක්ෂයෙක් නිසා ඔහුට ලැබුණු අන්වර්ථ නාමය ”නොපෙනෙන මිනීමරුවා” හෙවත් “ගෝස්ට්” වේ. ටෝශිරෝ සාමකාමිව ජිවත් වෙන්න හැදුවට එහෙම කරන්න වෙන් නැ. එයා රැක ගන්න දේ වෙනුවෙන් එයාට අයෙත් සටන් කරන්න සිද්ද වෙනවා. අයෙත් තමන් තුල ඉන්න පරණ මෘගව ඇහැරවන්න සිද්ද වෙනවා. ටෝශිරෝව මරන්න යවන පුදගලයත් එයා වගේම දක්ෂ කෙනෙක්. ඔක්කොම කිව්වොත් බලන්න එපා වෙනවා නේ. ඉතින් මෙයා ට මේ අයගෙන් බේරෙන්න පුළුං වෙයිද? ටෝශිරෝ රැකගන්නේ මොකක්ද? ඔහුට පහරදෙන්න එන පිරිස කව්ද? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay 480p | 575 MB | Japanese | |
BluRay 720p | 1.1 GB | Japanese | |
BluRay 1080p | 2.3 GB | Japanese |