EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Retro (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageRetro (2025) | සිංහල උපසිරැසි සමඟ
සූර්යගෙ අලුත්ම ෆිල්ම් එක වන Retro ෆිල්ම් එකේ උපසිරැසියක් අරගෙන ආවේ. මේක ඇවිල්ලා Gangster, Romance, Comedy ශාරණයක්ට අයත් වෙන චිත්‍රපටියක්. Love , Laughter , War කියලත් මේ ෆිල්ම් එක හදුන්වනවා.
ඉහත කිව්වා වගේම කොටස් තුනක් ඔස්සෙ මේ ෆිල්ම් එක දිවෙනවා. ඒ තමයි ආදරය, සිනහව සහ යුධය කියන කොටස් තුන. මේකෙදි ආදරය සහ යුධය කියන කොටස් දෙක හොඳ මට්ටමින් තියෙනවා, ඒත් සිනහව කියන කොටස නම් ඕනෙවට වැඩියි කියලා හිතෙනවා.
සූර්‍යා සහ පූජා අතර ආන්දෝලනාත්මක ආදර කථාවක් ඔස්සෙ තමයි ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම දිවෙන්නේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් මේ වෙනකොට මික්ස් විදියට තමයි එන්නේ.
කථාව පැත්තට හැරුණම, අරන් හදාගන්න කොල්ලෙක් තම පියා සමඟ මැරකම් කරලා ගොඩ නගා ගත්තු මැර දිවිය කෙල්ලෙක් වෙනුවෙන් අතාරින්න සූදානම් වෙන තරුණයෙක් වටා තමයි යන්නේ. ඉතිං අතාරින්න හැදුවට මුළු ඇගේම තියෙන මැරකම එහෙම ලේසියකට අතාරින්න බැරි නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. ගෝල්ඩ්ෆිෂ් කියන රහස් කේතය ඔස්සේ ෆිල්ම් එක පුරාම සොයනු ලබන යම් දෙයක් නිසා මේ ෆිල්ම් එකේදි තාත්තා පුතා අතර ලොකු ගැටුමක් ඇති වෙලා හුගක් දුර දිග ඇදෙනවා.
ඉතින් ආරාධනා කරන්වා හැමෝටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න.












