EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageReunion (2024) | පාසල් නැවත හමුවක සිදුවෙන අභිරහස් බියජනක සිදුවීම
මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ නිකුත් වෙච්ච අලුත්ම Mystery/Comedy චිත්‍රපටියක් තමයි ඔන්න අරගෙන ආවේ. ඇත්තටම මේ අභිරහස් බවයි හාස්‍යයි දෙකම එකට මුසු වුණ චිත්‍රපටි වල මහ අමුතුම ගතියක් තියනවා. ඉතින් ඔයාලට මේක බලන්න කියලා මම ආරාධනා කරනවා. මේක ඇත්තටම නියම ෆිල්ම් එකක්. අර IMDB කියන දර්ශකයට රැවටිලා නම් මේක නොබලා ඉන්න එපා. මම වගකියනවා ඔයාලා මේක බළලා ඇඟ කිලිපොලා යන අමුතුම විනෝදස්වාදයක් ලබාගනියි කියලා. මේකේ හිම සහිත සීතල පරිසරයෙන් අපිට ඒ ගතිය තව වැඩි කරලා දෙනවා. මොකද මේක අභිරහසක් මත ගලාගෙන යන චිත්‍රපටියක්. කොමඩි කිව්වට මේකේ අපිට බලාගන්න පුළුවන් ඒ ගතිය බොහොම ටිකයි. මේකේ මට උපසිරැසි ගන්වන්න ලයින් 2000කට ආසන්න සංඛ්‍යවක් තිබුණා, ඉතින් අලුත්ම චිත්‍රපටියක් හින්දා වැඩි කල් නොගෙන, මහන්සිය නොබලම බාර අරගෙන බොහොම කෙටි කාලයක් ඇතුළත ඔයාලට අරගෙන ආවා.
මේකයි කතාව,
රිජ්විව් කියලා පාසලක 2001 batch එකේ හිටපු ළමයින් වෙනුවෙන් අවුරුදු 23කට පස්සේ ඒ පාසලෙම ඉගෙනගත්තු කෙනෙක් පාසල් නැවත හමුවක් සුඛෝපබෝගී මන්දිරයක සංවිධානය කරනවා. පරණ යාළු මිත්‍රයෝ හුඟ දෙනෙක් මේ පාටියට ඇවිත් එකිනෙකා නැවත දැන අඳුන ගන්නවා. අහිරහස් අමුතු ගැහැණු ළමයෙකුත් මේ අතරේ ඉන්නවා, තව පොලිස් නිලධාරියෙක් විදියට සේවය කරන අයෙකුත්. පාටිය රෑ බෝ වෙනකන්ම හොඳට නැගලා යනවත් එක්ක පිරිසක් දෙනා හොඳටම බීලා මත් වෙලා එහෙම්ම මේ ගෙදරම වැටෙනවා. මෙයාලා නැඟිටින්නේ ඉතින් ආයේ පහුවදා උදේ හිම ඇදවැටෙන මහ මූසල නිසොල්මන් ගතියක් සහිත සීතල පරිසරයකයි. මෙයාලගේ දුරකථන සහ අන්තර්ජාල සම්බන්ධතා සියලුම දේ මේ වෙද්දි බිඳ වැටිලා තමයි තියෙන්නේ. වෙරි හිඳිලා උදේ නැඟිටින මෙයාලා අතිශය බියජනක දෙයක් මේ විසාල මන්දිරය ඇතුළෙදි එක් අවස්ථාවක දකිනවා. මේත් එක්ක මේ හැමදෙනාම බොහොම භීතියට හා කලබලයට පත්වෙනවා. මෙයාලගේ එකම අරමුණ මෙතැනින් පස්සේ වෙන්නේ කොහොමහරි මේ මන්දිරයෙන් පිටතට ගිහින් බලධාරීන්ගෙන් සහය ලබාගන්නයි. නමුත් අධික හිම සහිත කුණාටු පරිසරය හේතුවෙන් මෙයාලට මොනම විදියකටවත් පිටතට යන්නට බැරිවෙනවා.
කවුද මේ පාටිය සංවිධානය කරන්නේ ? කවුද මේ අමුතු ගැණු ළමයා ? මොකක්ද මේගොල්ලෝ මේ දැකලා බය වෙන්නේ ?
මෙයාලා හැමෝටම මේ මන්දිරයෙන් ගැළාවිලා අවසානයේ එළියට යන්න පුළුවන් වෙයිද ?
එහෙනම් ෆිල්ම් එක බලන්න, ඊළඟට අලුත්ම ඇනිමේශන් සීරිස් එකකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. උඩ මම කතාව ගැන කෙටියන් ඔයාලට කියද්දි ස්පොයිල් වීමක් වෙලා තියනවා නම් සමාවෙන්න ඕනේ. මොකද පොඩ්ඩක් වැඩියෙන් කතාව ගැන මම ඔයාලට කිව්වේ මේක මඟ නොහැරගෙන බලන්න ආසාවක් ඇති කරන්නයි.







