EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRisthey (2002) | “දෙවියන්ගේ මිහිපිට ස්වරුපය”
අද නිර්මාණය කරන්න හිතුනේ අද දිනට යෙදී ඇති විශේෂ කරුණක් නිසා මේ නිර්මාණය අනිල් කපුර් ,අම්රිෂ් පුරි, කරිෂ්මා කපුර් , ශිල්පා ශෙට්ටි රගපාන පරණ එතරම්ම පරණ නොවෙන චිත්‍රපටයක් මෙය පැය දෙක තුනක් ඇතුළත නිර්මාණය වුවක්, පියෙක්ට තම දරුවා ගැන දැනෙන්නේ කොහොමද පිය -පුතු සම්බන්දය ගැන තමා මේකේ තියෙන්නේ ඉතින්’ චිත්‍රපටය ආරම්භයේදී තාත්තෙක් යැයි සිතිය හැකි අයෙක් කුඩා දරුවෙක් රැගෙන දුවනවා සහ ඔවුන් පිටු පසින් ඔවුන් මරන්න එන පිරිසක් තමා කතා ආරම්බයේ දකින්න වෙන්නේ මෙහෙමයි මම කරන්නේ හුගක්ම පරන මොඩල් චිත්‍රපට කියලා මාගේ පරණ ෆිල්ම් දකින අය දන්නවා නමුත් ඒවායේ ලස්සනක් මට නම් තියෙනවා දැන් ඇය මේ ෆිල්ම් මෙහෙම නැරබුවට අපි මේ ෆිල්ම් නරබුවේ (sirasa tv hit) එකෙන් මතක ඇය ඇති හැම සතියේ පස්වරු 1.30 කියන්නේ අපේ කාලේ පිස්සුවක් හෙට තියෙන ෆිල්ම් එක බලන්න එක්කෝ ඉස්කෝලේ යන්නේ නැහැ නැතිනම් ගිහින් කලින් පනිනවා, ඒ තරම් මේ ෆිල්ම් ඒ කාලේ අපේ සිත් ගත්තා දැන් කාලේ අය මේ ෆිල්ම් ගැන දක්වන අදහස මම එකග නැහැ
හරි මීලග ප්‍රධාන කාරණය තමා අදම මේ නිර්මාණය දෙන්න හිතුවේ අද මාගේ පුතාගේ උපන්දීනය, එයා වෙනුවන් මේ නිර්මාණය දෙන්න ඕන කියල හිතුනා ඉක්මනින්ම හිතුනා කළා ඇත්තටම , අපි තාත්තලා ගැන මොන දුර්මතයෙන්ද ඉන්නේ කියල දැන් මේ වෙනකොට තේරෙනවාතාත්තෙක් එයා පිටුපස තියෙන යෝධ සෙවනැල්ලේ කොච්චර දුක් කන්දක් සගවාගෙන ඉන්නවදකියල තේරෙන්නකාලයක් යනවා, මාගේත් මුරණ්ඩු කිවා, නොකිව අහන ජිවතය යම් තරමකට තැම්පත් කරලා අනාගතයගැන සිතන්න සැලැස්සුවේ එයාගේ ජීවිතය ලෝකේ ඉන්න කොයි තාත්තාගෙන් ඇහුවත් ඕකම කියාවි දරුවන් කියන්නේ “දෙවියන්ගේ මිහිපිට ස්වරුපය” එහෙමයි ආගමිකව කියන්නේ ඉතින් අදට නවතිනවා



