EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rock Dog (2016) | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා…

සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු විසින්. බැටළුවන් වැඩකට කියලා කරන්නේ ලොම් නිශ්පාදනය සහ සංගීත වාදනය පමණයි. හැබැයි එයාල වාදනය කරන්න දන්නෙත් එක සිංදුවයි. හෙහ් . කම්පාගේ පුතා තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බෝඩි. වරක වෘක පහර දීමකට මුහුණ දුන් පසුව නැවතත් වෘක පහරදීමක් සිදු වීමේ අවධානමක් ඇති නිසා කම්පා හමුදාවක් නිර්මාණය කරනවා. ඇත්ත හමුදාවකට වඩා වෘකයන්ට කරන ඇස් බැන්දුමක් කිව්වොත් හරි. මොකද කිව්වොත් බැටළුවන්ව බල්ලන් විදිහට අන්දලා බැටළුවන්ගෙන් තමයි මේ හමුදාව නිර්මාණය කරන්නේ. මේ නිසා වෘකයො භය වෙනව ආයෙත් හිම ගිරියට පහර දෙන්න. කම්පාගේ එකම ආශාව තමන්ගේ පුත් බෝඩිවත් තමන් වගේ හිමි ගිරියේ හොඳ ආරක්ෂකයෙක් කරන්නයි.

පසු කාලීනව කම්පා තමන්ගේ පුතා බෝඩිව පුහුණු කරනවා. එතකොට බෝඩිට හිත එකඟ කරගන්න බැරි වෙන්නේ ගමෙන් ඇහෙන සංගීතය නිසයි, බෝඩි සංගීතෙට ඇදිලා යනවා. මේ සිද්ධිය නිසා කම්පා තීරණය කරනවා, සංගීතය ගමෙන් තහනම් කරන්න. ඊට පස්සෙ ගමේ කිසිම සංගීත වාදනයක් ඇහුනෙ නැහැ. ඔය විදිහට කාලය ගත වූ අතර, දවසක් නොසිතූ විදිහට, බෝඩි ළඟට ගුවන් යානයකින් බඩු වගයක් වැටෙනවා. එතන රේඩියෝවකුත් තියෙනව. ඒකෙන් බෝඩිට ඇහෙන්නේ, සුපිරි රොක් තරුව ඇන්ගස් ස්කැටර්ගුඩ්ගේ හඬ. ඔන්න ඔතනදි තමයි කතාවේ හැරවුම් ලක්ෂය සිදු වෙන්නේ… ඇන්ගස් කියන දේවල් නිසා බෝඩිගේ හිතේ ඇති වෙන එකම ආශාව නගරයේ ඇති Rock and Roll (රොක් ඇන්ඩ් රෝල්) උද්‍යානයට ගිහින් රොක් සංගීතඥයෙක් වෙන එක. මේක කරන්න බෝඩි ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙනව. සංගීතය තහනම් කරලා කාරණය නිසා මේ තීරණයට බෝඩිගේ තාත්තා කැමති වෙන්නෙ නැහැ. පටන්ගන්න ගිය තැනම අභියෝගයක් නේද? මේ අභියෝගය බෝඩි ජය ගනීද? එයාගෙ හිතේ රැව් පිළි රැව් දෙන හඬ හිමි ඇන්ගස් ස්කැටර්ගුඩ්ව මුණගැහෙන්නවත් බෝඩිට හැකි වෙයිද? Rock and Roll උද්‍යානයට ගොස්, රොක් සංගීතඥයෙක් වෙන හීනය බෝඩි සැබෑ කරගනීද? ඒවා දැනගන්න කුතුහලය, සතුට, හාස්‍ය, සංගීතය ඉතාමත් ලස්සනට ගබඩා කර ඇති, මේ නියම ඇනිමේෂන් චිත්‍රපටය බලන්න.

Comments