EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rockstar (2011) |අභියෝග මැදින් අරමුණ කරා…

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා! ආයෙත් මම ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි බයිස්කෝප් එකක් ඔයාලට ගෙනාව ” ROCK STAR ” මේක තමයි මගේ දෙවැනි නිර්මාණය. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි.

බයිස්කෝප් එකනම් මැක්සා කතාවක්. මේ බයිස්කෝප් එක IMDb Ratings වල 7.4 ක් වැනි ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jab we met (2007), love Aaj kal (2009) වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Imtiaz Ali කියන අධ්‍යක්ෂකවරයයි. ඒ වගේම Filmfare සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම පද රචකයා Irshad Kamil (Nadaan Parindey ගීතය සඳහා), ඒ වගේම Zee Cine සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම අධ්‍යකෂක Imtiaz Ali, ඒ වගේම හොඳම සංගීත අධ්‍යක්ෂක A.R. Rahman, මේ වගේ සුපිරි සම්මාන රැසකට උරුමකම් කියන මේ සුපරි ෆිල්ම් එක ඔබ නැරඹිය යුතුමයි.

කතාව ගැන කියනවනම් මෙහෙමයි විස්තරේ…

Jordan (Ranbir Kapoor) එයාට සිංදු කියන්න වේදනාවක් ඕනේ කියලා එයා ඉගෙන ගන්න පාසලේම ලස්සන ගෑණු ළමයෙක්ට ආදරෙයි කියනවා. එයාගේ නම Heer (Nargis Fakhir). එයාව කසාද බදින්න වෙන කෙනෙක්ව යොජනා කරලා ඉන්නේ. ඒත් කොහොම හරි මේ දෙන්න අතර ප්‍රශ්ණ ඇතිවුණත් මේ දෙන්න හොද යාළුවෝ වෙනවා. ඒත් Heer කසාද බැඳලා ර‍ට යනවා. එයාට එහෙදි ලෙඩක් හැදෙනවා. ඒ වගේම Jordan කවුරැත් දන්න රොක් තරැවක් වෙනවා…. කතාවේ ඉතුරැ හරියේ මොකක් වෙයිද? ඒක නම් මට කියන්න බෑ. බයිස්කෝප් එක ඔයාලට බලන්නම වෙනවා. යාළුවනේ මේක ඇත්තටම අපිට හුඟක් හිතට දැනෙන ලස්සන ආදර කතාවක්.

Comments