EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Rogue One: A Star Wars Story (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Abbie Sheridan, Adam Morris, Andy Madden, Annie Penn, Barney Shakespeare, Clare Glass, Cynthia Ruiz, Dan Channing-Williams, David Keadell, Fraser Fennell-Ball, Gareth Edwards, Garún Daníelsdóttir, Guy Mannerings, Israr Azam, James McGrady, John Mahaffie, Jonny Eagle, Josh Methven, Laura Miles, Lizzie Pritchard, Natalie Wright-Cella, Phoebe Vale Markham, Roxanne Cuenca, Ryan Newberry, Sarah Mooney, Scott Nankivel, Simon Crane, Sussanah Madden, Suzi Wilson, Tamir Naber, Tarik Afifi, Teariki Leonard, Toby Evans, Toby Hefferman, Toby Hosking, Tom Edmondson, Tom Mulberge, Tom Turner, Tom White, William Thomas Möller
Cast
Go Full Cast PageRogue One: A Star Wars Story (2016) | හිතුවක්කාර හොරු ටික
මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක…..
මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම මවිතයට පත් කල පුංචි චිත්‍රපටය…. එකේ නම තිබ්බේ Star Wars (1977) හැටියට. නමුත් කාලයත් එක්ක දැන් නම් මේ නම Star Wars : New Hope (1977) වෙලා සමහරෙකුට. George Lucas උත්තමයාගේ පිටපතකින් ඔහුගේම අධ්‍යක්ෂණයක් වුණ මේ පුංචි සලරුව ලොව පුරාම ඇමරිකානු ඩොලර් මිලියන 775 කට වැඩි මුදලක් උපයා ගන්න සමත් වුණේ එක්තරා විදිහකට කියනවා නම් ආගමක් වගේ දෙයක් බිහි කරමින්. මොකද ඔබ මේ සලරුවට අකමැති නම් ප්‍රසිද්ධියේ එහෙම කියලා අහුවෙනවා නෙමෙයි….!!!
එදා අපි තරුණ ලූක්, රූමත් ලෙයා කුමරිය හඳුනා ගත්තා වගේම, නුවණැති ඔබීවන් සමග එක්ව C-3PO හා R2-D2 අඩදබර බලා හිටියේ සතුටු සිතින්. නමුත් ඔක්කොම කණපිට හැරුණේ හැඩකාර දගකාර හාන් ඔහුගේ වලස් තඩියා එකක් තිරයට පැමිණීමත් එකක්. නව බලාපොරොත්තුවේ කතාව වුණේ මෙහෙමයි….
නිමේෂයකින් ලොවක් වැනසිය හැකි මහා යාත්‍රාවක් නිර්මාණය කිරීමට සමත් වෙලා තියනවා අධිරාජ්‍ය මේ වෙනකොට, සිවිල් යුද්ධයකින් හෙම්බත් වෙලා ඉන්න මන්දාකිනියට මේක හොඳ ආරංචියක් නම් නෙමෙයි කොහොමවත්. බොහොම දුකක් විදලා විප්ලවකාරින් කිහිප දෙනෙක් සමත් වෙනවා මේ මහා යාත්‍රාවේ සැලසුම් සොරා ගන්නට, නමුත් මේක විප්ලවකාරින්ගේ ප්‍රධාන කඳවුර වෙත ගෙනයන්න තමයි ලොකුම අමාරුව, ලේයා කුමරිය මේ සැලසුම් R2-D2 ගේ මතකයේ ගබඩා කිරීමට සමත් වෙනවා ඇය සිර භාරයට පත් වීමට නිමේෂයකට පෙරාතුව, කොහොම නමුත් R2-D2 හා C2P0ට මේ සැලසුම් අරගෙන එහෙම ලේසියෙන් විප්ලවකරුවන්ගේ මුලස්ථානය වෙත යන්න වෙන්නේ නැහැ. ඔවුන් ටැටුවින් හි ස්ථානගත වෙලා, ඕබිවන් හා එක්කාසු වෙතා එතනිත් තව ගමනක් ගිහින්, මේ සියල්ලටම ලූක් එහෙම බොහොම බර සාරෙට දායෙක වෙලා බොහොම අමාරුවෙන් සැලසුම් ටික අරගෙන යන්න සමත් වෙනවා ඔවුන් අවශ්‍ය කරන තැනට. ඒ චිත්‍රපටය අවසාන වෙන්නේ….. ඔවුන් කෙසේ හෝ ඒ මහා යාත්‍රාව විනාශ කිරීමෙන්….
ඉතින් මේ Rogue One (2016) කතාව දිව යන්නේ කුඩා කාලයේ ඉදලම අධිරාජ්‍ය තාඩන පීඩනවලට මුහුණ දුන්න පොඩි කෙල්ලෙක් වයසත් එකක් අධිරාජ්‍යට එරෙහිව නැගී සිටින හැටි හා විප්ලවවාදීන් වෙනුවෙන් මරණයේ තාරුකාවේ සැලසුම් හොරා ගැනීමේ අයගේ මෙහෙයුම එක්කයි. ඇයට මේ ගමනේ දී බොහොම වැඩ කරුවන් හමුව වෙනවා, බොහොම සටන් දැකගන්න හැකි වේවි. මේ සිදුවීම් ඔක්කොම සිද්ධ වෙන්නේ Star Wars සිදුවීම්වලට දින කිහිපයකට පෙර අතුවයි, ඉතින් කිසිදු Star Wars චිත්‍රපටයක් බලා නොමැති වුණත් මෙය තනි චිත්‍රපටයක් ලෙස ඔබ ඕනෙම කෙනෙකුට නැරඹීමට හැකි වේවි.











