EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Sabotage (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Babette Stith, David Ayer, Mike Gunther
Cast
Go Full Cast PageSabotage (2014) | පළි ගැනීම…
සුපිරි මහළු වැඩ කරුවා :P, Arnold Schwarzenegger නොදන්නා කෙනෙක් ඉන්නවද,ඒක වෙන්න බැහැ. terminator ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් ඉන්නවද, ඒකත් වෙන්න බැහැ. හා මම කියන්නේ බොරුද?? එහෙනම් මේකත් ඒ ගොඩටම එකතු කරගන්න. මම නම් හිතන්නේ අර්නෝල්ඩ් ඒ කාලේ වගේ නැති උණාට තවමත් වැඩකරුවා කියලා 😛 හරි හරි. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. නිකුත් උණේ නම් මාර්තු 28, හොඳ කොපි එකක් ආවේ නම් ඊයේ තමා, ඔයාලට අද තමයි බලන්න වෙන්නේ. Action | Crime එකක්.
කතාව ගැන පොඩ්ඩක් කියන්නම් දැන්..ජෝන් කියන්නේ ඇමෙරිකන් රජයට වැඩ කරන හත් අට දෙනෙක් ඉන්න කණ්ඩායමක ලොක්කා. අනිත් සඟයෝ ටික තමයි ග්‍රයින්ඩර්, මොන්ස්ටර්, නික්, පයිරෝ, ප්‍රයිපොඩ්, ෂුගර්, ස්මෝක් සහ එකම කාන්තා නියෝජනය ලිසී.මෙයාලා කතාව පටන් ගන්නකොටම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වගයක් වටලන මෙහෙයුමක තමයි ඉන්නේ. එතැනදී ලොකු සල්ලියක් මෙයාලට හම්බ වෙනවා.ලිසී තමයි උපාය දූතයා හැටියට පාවිච්චි කරන්නේ,මොකද ඉතිං ගෑනුන්ට මොන ලොක්කා උණත් අහුවෙනවනේ නෙහ් :P. එතනදි මෙයාලා ඩොලර් මිලියන 10 ක් පන්නන්න සැලසුම් කරනවා. නමුත් ඒ සල්ලි එළියට අරන් එන්න ලැබෙන්නේ නැහැ. තවත් කෙනෙක් උස්සනවා. මේක නිසා මේ කණ්ඩායමටම දඩුවම් විදින්න වෙනවා. වෙනම විමර්ශනයක් කරනවා. මෙයාලටත් දැන් මේක ප්‍රශ්නේ. කණ්ඩායමේම කෙනෙක් වෙන්න ඕනේ මේක කරන්න ඇත්තේ,ඇයි වෙන කවුරුත් මේ මෙහෙයුම ගැන කලින් දන්නේ නැහැනේ. පස්සේ මේක ඔප්පු කරගන්න බැරි වෙන නිසා නැවත රස්සාව ලැබෙනවා, දැන් කට්ටිය මේ සල්ලි වලට උණේ මොකක්ද කියන ඒක හොයන්න තමයි වැඩි අවධානය.
මේ අතරේ ජෝන් ගේ හිතේ වෙනමම සැලැස්මක් තියෙනවා. ඒ ඔහුගේ ජිවිතයේ උන ලොකුම අහිමි වීම වෙනුවෙන්, ඒ මොකක් වෙන්න පුළුවන්ද?මේ සල්ලි එතකොට කවුද ගත්තේ? ඇයි මේ තරම් ජෝන් වෛරයෙන් ඉන්නේ. මේ ඔක්කොම හරියට විසඳ ගන්න නම් සලරුව බලන්න වෙනවා.








