EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSalem's Lot (2024) | සිංහල උපසිරැසි සමඟ
iMDB දර්ශකයේ මේ වෙද්දි 6.7ක අගයක් වගේම 49%ක කුණු තක්කාලි අගයකුත් අරගෙන තියෙනවා මේක අධ්‍යක්ෂණය කරන්නෙ වෙන කවුරුත් නෙවෙයි Annabella : Home Coming 2019 අධ්‍යක්ෂණය කරපු Gary Dauberman මහත්තයා…
මෙම Salem’s Lot කියන චිත්‍රපටය හදන්න පාදක කරගන්නෙ ඇමෙරිකාවෙ බිහිවුණු අති දක්ෂ කතුවරයෙක් වෙන Stephen King 1975දී රචනා කල Salem’s Lot කෘතිය ඔස්සෙ වීම විශේෂයක් Stephen King ලියපු ගොඩාක් කෘති වලින් චිත්‍රපට හැදිලා තියෙනවා වගේම ඒවා අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා ඒවගෙන් ටිකක් නම් කලොත් The Green Mile , IT , Doctor Sleep , The dark Tower , The Shinnig , Pet Sematary , Bogeyman වගේ ජනප්‍රිය වගේම IMDB දර්ශකයේ ඉහල අගයක් ගත්තු චිත්‍රපට රැසකටම දායක වෙලා තියෙන්නෙ Stephen King ලියපු කෘති ඉතින් Salem ‘ s Lot කියන්නෙත් එයාගෙම කෘතියකින් නිර්මාණය උනු චිත්‍රපටයක් කියන්නෙ එසේ මෙසේ එකක්නම් වෙන්න බෑනේ…
එහෙනන් කතාව වැඩිය මම කියන්නෙ නෑ…..
සේලම්ස් ලොට් කියන්නෙ ඇමරිකාවෙ ජනාවාසය අඩු නිස්කලංක නගරයක් මේ නගරයට පෙට්ටගමක එනවා අමුත්තෙක් එසේ මෙසේ අමුත්තෙක්නම් නෙවෙයි එයා ආවට පස්සෙ මේ නගරෙ සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙනවා ළමයි අතුරුදහන් වෙනවා ගොඩාක් දේවල් වෙනවා මේ අතරෙදි මේ නගරයට ඇවිත් ඉන්නවා බෙන් කියලා කතුවරයෙක් ඉතින් එයා මේකට සම්බන්ධ වෙන විදිහත් ඔයාලම බලන්නකෝ මුල් විනාඩි 30 තමයි තරමක් බෝරින්ග් අනික් පැය එකහමාරම ඇහැ අයින් කරගන්න අමාරු වෙයි මේකෙ අසභ්‍ය දර්ශන මුකුත් නෑ පවුලේ සැමට බලන්න පුලුවන් හැබැයි බය වෙන්න එපා…












