EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Salve Maria (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Carla Altimir, Clàudia Aragon, Mar Coll
Cast
Go Full Cast PageSalve Maria (2024) | “ ආයුබෝවන් මරියා ”
අද අරගෙන ආවේ ටිකක් අමුතු ෆිල්ම් එකක්. බලාගෙන යද්දි මොළේට සමනල් ගැටේ වැටෙනවා වගේ තේරෙන ජාතියේ ෆිල්ම් එකක්. ඒ වුනාට මේක එහෙම ලොකුවට ගැඹුරු තියරීස් ගැන කතා කෙරෙන, ලොකු ප්ලොට් ට්විස්ට් තියන ෆිල්ම් එකකුත් නෙවෙයි.
මේක සරලවම ආතල් එකේ ජීවිතේ ගත කරපු ගෑනු ළමයෙක් අම්මා කෙනෙක් වුනාට පස්සෙ එළඹෙන අලුත් ජීවිතයට හැඩගැහෙන්න කරන අරගලය හරි අපූරුවට පෙන්වන ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම Salve Maria.
මේක 2024 අගෝස්තු 8 වෙනිදා නිකුත් වුණු Spanish – Catalan ෆිල්ම් එකක්. අලුත් අම්මා කෙනෙක් වීමත් එක්ක තමන්ගේ ජීවිතේ ඇති වෙන වෙනස්කම් සහ බාහිර බලපෑම් නිසා ඇතිවෙන මානසික පීඩනය මොන වගේද කියලා මේ ෆිල්ම් එකේ මිනිත්තු 111කින් ලස්සනට පෙන්වන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.
එහෙනම්, ආරාධනා කරනවා Salve Maria නරඹන්න කියලා.









