EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Santosh (2024) | හෘද සාක්ෂිය

 

ආයුබෝවන්. අද මම ගෙන එන්නෙ ගිය වසරෙ කතා බහට ලක් උන තවත් ඉතා සංවේදී සම්මානනීය හිංදි චිත්‍රපටයක්. මේක හිංදි චිත්‍රපට්‍යක් උනත් නිශ්පාදනය වෙන්නෙ එංගලන්ත , ඉන්දියානු, ජරමන්, ප්‍රංශ ඒකාබද්ධ නිශ්පාදනයක් ලෙස. අවසානයේ මෙවර ඇකඩමි සම්මාන උළෙලේ එංගලන්ත නියෝජනය ලෙස තෝරා ගැනෙන්නේද මේ චිත්‍රපටය. ඉතින්  මේ දක්වා ඇකඩමි ,කාන්ස්, බ්‍රිතාන්‍ය ඇතුළු සිනමා උළෙලවල් රාශියක හොඳම චිත්‍රපටය ලෙස අවසාන වටයට නිර්දේශ ලැබූ එසේම තවත් සිනමා උළෙලවල් රාශියක සම්මාන දිනූ චිත්‍රපටයක් ලෙස මේක හඳුන් වන්න පුළුවන්.ගිය වසරේම කාන්ස් සම්මානලාභී මලයාලම් චිත්‍රපටයක් වූ All We Imagine as Light මෙන්ම මෙයත් කාන්තා චරිත ද්විත්වයක් මූලික කර ගෙන හැදුනු චිත්‍රපටයක්

සන්ධ්‍යා සූරි විසින් තිර රචනයකර අධ්‍යක්ෂනය කල මෙම චිත්‍රපටයේ මූලික චරිතය සිය පොලිස් සැමියා මිය ගිය තරුණ වැන්දඹුවක්. ඇයට පවත්නා නීති රීති අනුව සැමියාගේ කොස්තාපල් තනතුර හිමි වෙනවා. ඒ අනුව  සිය රාජකාරිය අරඹන ඇයට මුහුණ දෙන්නට සිදුවන සිද්ධියක් සම්බන්ධයෙන් මේ කතාව දිව යනවා. බලය, කුලවාදය ,ඇති නැති කම මෙන්ම පුරුෂාධිපත්‍යය ඉදිරියේ සිදුවන පොලිසියේ කටයුතු ඇගේ හෘද සාක්ෂිය සමග ගැටෙද්දී කුල හීන දැරියකගේ මිනී මැරුමක අභිරහසක් විසඳා ගැනීම ඇය සහ ඇගේ ඉහළ පොලිස් නිලධාරිණිය ගන්නා උත්සාහය සහ එහි අවසන් ප්‍රතිඵලය ඔබට මේ තුලින් දිග හැරෙනවා.

සහානා ගෝස්වාමි සහ සුනීතා රාජ්වර් මෙහි ප්‍රධාන චරිත රඟපානවා. ඉතිං කලාත්මක ඉංදියානු සිනමාවක් රස විඳින ඔබට නැරඹිය යුතුම චිත්‍රපටයක් මේක.

Comments

February 25, 2025

Thanks