EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sattam En Kaiyil (2024) | “පළිගැනීමේ සැලැස්ම”

 

 

ඔන්න එහෙනම් මම තවත් අළුතින්ම නිකුත් වෙච්ච සුපිරිම් Thriller film එකක් අරගෙන ආවා..ෆිල්ම් එක ගැන විස්තර කරන්න කලින් කියන්න ඕනේ මම කලින් උපසිරැසි කරපු Martin ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා..ඒකට වචනෙකින් හරි Comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි..එහෙනම් අපි අද ෆිල්ම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ගෞතම් කියන කෙනා කාර් එකේ රෑ වෙලා ගමනක් යනකොට බයිසිකල් කාරයෙක් කාර් එකේ හැප්පෙනවා..ඉතින් මේ බයික් කාරයා මැරිලා කියලා මෙයාට තේරුම් ගිහින් මිනිය හංගන්න කියලා හිතාගෙන මෙයා මිනිය කාර් එකේ ඩිකියට දා ගන්නවා..ඉතින් මිනිය කාර් එකේ ඩිකියේ දාගෙන යනකොට පොලිසිය චෙක් පොයින්ට් එකකදී අත දාලා කාර් එක නවත්තන්න කියනවා..ඒත් මෙයා කාර් එක නවත්තන්නේ නැතුව යනවා..ඒ වුණාට මෙයාව කොහොමහරි පොලිසියෙන් අල්ල ගන්නවා..එතනින් එහාට තමයි මේ ෆිල්ම් එකේ සුපිරිම ටික පටන් ගන්නේ..ඉතින් ඇත්තටම පොලිසියට මෙයාගේ කාර් එකේ තියෙන මිනිය හම්බෙයිද ???? මේ ගෞතම් කියන්නේ කව්ද ???? මෙයාට පොලිසියෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද ???? තවත් අපරාධ රාශියක් හෙළිවන අවසානය කුතුහලයෙන් ඔයාලටම බලන්න භාර කරලා මම මෙතනින් නවතිනවා..

Comments