EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ගෙතූ සේද සාරි

කර්ණාටක ප්‍රාන්තයේ ඉල්කාල් නගරයේ දුප්පත් රෙදි වියන්නෙකු වන යමුන්යාගේ සිව් මසක ගැබිනි බිරිඳ ශන්ක්‍රව්වා ය.මේ දෙදෙනාගේ එකම ආදායම් මාර්ගය වෙන්නේ රෙදි විවිමයි.ශංකරව්වා සිව්මස් ගැබිණියක් වූවද ඇයද රෙදි විවිමට ඉගෙන ගනී.නමුත් වෛද්‍යවරයා පවසන්නේ ඇය ශාරීරිකව බෙහෙවින් දුර්වලව සිටිනා බවයි.මේ ගැන යමන්නා දැනුවත් කලද ඔහුට මේ කිසි දෙයක් ගැන වැටහීමක් ඇති නොවේ.ඔහු උපයා ගන්නා සියලු මුදල් වියදම් කර මත්පැන් පානය කරයි.නමුත් ශංක්‍රව්වාට එක එක ආශාවල් හිතට එයි.නමුත් ඒ කිසි දෙයක් කර ගැනීමට නොහැකි තරමට ඔවුන් ධාරිද්‍රතාවයෙන් පෙලෙයි.ඇය අන්ත දරිද්‍රතාවයෙන් පෙළුනද, දහස් ගණනක් දෙනා වෙනුවෙන් ඇය ගෙතූ සේද සාරි ඇඳීමට ඇය ආශා කරයි.

මේ තමයි මේ ෆිල්ම් එකෙන් කොටසක්.මේක කෙටි චිත්‍රපටියකි.ධාරිද්‍රතාවය නිසා ඔවුන්ගේ ආශාවන් හා ජීවිතවල සිදුවන කණගාටුදායක පුවතක් මේ කතාවෙන් ගෙන හැර දක්වයි.

Comments