EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Shakhahaari (2024) | “අත් වැරදීම..”

 

සුබ්බන්නා කියන්නේ ගමේ නිර්මාංශ අවන්හලක් පවත්වාගෙන අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක්..ඉතින් මේ ගමේ ඉන්ස්පෙක්ටර් මිනීමැරුම් නඩුවකට චූදිතයා විදියට විජේ කියලා තරුණයෙක් අල්ල ගන්නවා..එයා පොලිසියෙන් පැනලා යනකොට පොලිසියෙන් මේ විජේ කියන කෙනාට වෙඩි තියනවා..ඉතින් මේ විජේ වෙඩි කාගෙන කොහොම හරි සුබ්බන්නාගේ හෝටලේට යනවා..සුබ්බන්නාට කියනවා තමන්ගේ බිරිඳ මැරුවා කියලා පොලිසිය තමන්ව සැක කරනවා කියලා..තමන් නිර්දෝෂීයි කියලා විජේ තමන්ගේ ජීවිත කතාව සුබ්බන්නාට කියනවා..එවලේ සුබ්බන්නාට තේරෙනවා විජේ නිර්දෝෂීයි කියලා..ඉතින් එතනින් එහාට මොකද වෙන්නේ ???? විජයගේ බිරිඳව මැරුවේ කව්ද ???? ඉන්ස්පෙක්ටර්ට විජයව හොයා ගන්න පුළුවන් වෙයිද ???? විජයට රැකවරණය දීපු සුබ්බන්නාගේ ඉරණම කොහොම විසදෙයිද ???? අවසානය වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් මේ ෆිල්ම් එක රස විදලා මේ හැමදේටම උත්තර හොයා ගන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.

Comments